සර්ව නාම විශේෂයක් නොමැතිව යම් අයකු හෝ සමූහයකු හැඳින්වීමට යොදාගනී. වාක්‍ය ගණනක් ලිවීමේදී නිමල් කෑවේය. නිමල් ගෙදර ගියේය. නිමල් නිදාගත්තේය. යන්න වෙනුවට නිමල් කෑවේය. ඔහු ගෙදර ගියේය. හේ නිදාගත්තේය. ලෙස ලිවීම වඩා රසවත්ය එහි නිමල් වෙනුවට සර්ව නාමයන් වූ ඔහු හා හේ යෙදී ඇත. උදාහරණ | |
ළමයි "අපි නැටුවෙමු"යි කීහ. ඔබ ගමට යනවාද ? ළමයින් රැසක් දහම් පාසැල් යති. මෝහිණී නමින් අවතාරයක් ඇතැයි කියතත් අප ඇය දැක නැත. නැගණියනි, ඔබ කුමක් නිසා හඬන්නීද? සමන් දක්‍ෂයකු වූවත්, ඔහු බොරු කියයි. නිළිය පැමිණියත්, ඇය ගී නොකීවාය. සර්ව නාම උත්තම පුරුෂ, මධ්‍යම පුරුෂ හා ප්‍රථම පුරුෂ යනුවෙන් පුරුශත්ව තුනකට බෙදේ. ප්‍රථම පුරුෂ (අන්‍ය පුරුෂ) එනම් අනුන් ගැන කියවෙන නාම පදයි. මධ්‍යම පුරුෂ එනම් තමන් ඉදිරියේ සිටින්නකු බවට හැඟවෙන උත්තම පුරුෂ එනම් තමන් ගැන කියවෙන නාම පදයි. ප්‍රථම පුරුෂ හෙවත් අන්‍ය පුරුෂ ඔහු, ඇය, ඈ, ඌ, උන්, ඔවුහු, ඔවුන් ස්ත්‍රීහු, ස්ත්‍රීන්, රැජිණියෝ ක්‍රීඩකයා, ක්‍රීඩකයෝ, රජතුමා මව, පියා, දෙමව්පියෝ, ගුරුවරයා, ගුරුවරු මධ්‍යම පුරුෂ (තමා ඉදිරියේ සිටින අයකු) ඔබ, නුඹ, තොප, තෝ, තා, තොපි, තී, සොයුර, සොයුරිය,නුඹලා, තෙපි උත්තම පුරුෂ (තමා හෝ තම සමූහය) මම,මා, අපි, අප |