කුමණ හෝ සාහිත්‍ය නිර්මාණයක් විචාරයට ලක් කිරීමේදී විවිධ සිද්ධාන්ත ගොඩනගා ඇති වුවද මූලික වශයෙන් පහත කරුණු වැදගත් වේ. විචාරයට ලක්වන කෘතියේ අන්තර්ගතය අනුව මෙම කරුණු වැඩි ගණනකට අවධානය යොමු කෙරේ.
1. විචාරයකට පළමුව පාඨකයකු ලෙස කෘතිය කියවා රස විඳීම.
2. රචනයේ මූලික පරමාර්ථය හඳුනා ගැනීම
3. කෘතියට පසුබිම් වන කාලය, සමාජය හා ප්‍රස්තූතය හඳුනා ගැනීම.
4. කතුවරයා විසින් තම කෘතිය තුලින් ඉස්මතු කරන කරුණු අවබෝධ කරගැනීම.
5. කෘතියේ පාත්‍ර වර්ගයා එනම් චරිත හඳුනා ගැනීම හා ඔවුනගේ ජීවන ශෛලීන් හඳුනා ගැනීම.
6. කෘතියේ සාරංශයක් ගොඩ නගා ගැනීම
7. විශේෂ අවස්ථා, සිදුවීම් හා ඒවාට පුද්ගල සම්බන්ධතා හඳුනාගැනීම
8. කෘතියේ චරිත වල හැඟීම් ඉස්මතු කිරීම, සංවාද, අපේක්‍ෂා හා සිතුවිලි පිළිබඳ අවබෝධය
9. පරිසර වර්ණනා, උපමා, ව්‍යංගය ආදිය යොදා ගැනීම
10. අදහස් ප්‍රකාශ කිරිමට යොදා ගන්නා භාෂා උපක්‍රම හා විරයණ
විචාරයේදී
කතුවරයා තම පරමාර්ථය ඉෂ්ඨ කර ගැනීමට ඉහත ආදී අංශ යොදා ගන්නා ලද ආකාරයන් සොයා බැලේ. ඒ සමඟම අවස්ථා සම්බන්ධ හා සිදුවීම් ගොඩනගන ආකාරයත් ඒවායේ තාර්කික භාවයත් විමසුමට ලං කෙරේ. කෘතියෙන් මතුකරන ජීවන දර්ශනය විචාරයට ලක් කරන අතර ඒ මත චරිත ගොඩ නැගීමේදී කතුවරයා කෙතෙක් දුරට සාර්ථකදැයි සලකා බැලේ.
භාෂාව සැකසීමේ දී කතුවරයා අවස්ථාව හා පුද්ගල වරිත විදහා දැක්වෙන අයුරින් භාව්තා වචන මලා යොදාන්නා ආකාරයත් සලකා බැලේ.
සෑම සාහිත්‍ය නිර්මාණයක්ම එය බිහිවූ වකවානුවේ දේශපාලන, සංස්කෘතික හා සමාජීය බලපෑම් වලට ලක්වේ. ඒ අනුව එම නිර්මාණය තුලින් කතුවරයාගේ හැගීම් හා සමාජ වටපිටාව අවබෝධ කර ගත හැකිය.
සරළ හෝ සංකීර්ණ වේවා සාහිත්‍ය නිර්මාණයේ කතුවරයා කවුරුන් හෝ වේවා විචාරයේදී හුදෙක් එම නිර්මාණය පමණක්ම හා ඉන් ජනිත කරන රසය, සාහිත්‍යමය ලක්‍ෂණ හා ජීවන දර්ශනය පමණක් සලකා බැලිය යුතුය. ප්‍රධාන ප්‍රවාහයෙන් දුරස් වීම හෝ ප්‍රධාන ප්‍රවාහයේ වීම විචාරයේදී සැලකීමකට භාජනය වීම කතුවරයාට කෙරෙන අසාධාරණයකි.
විචාරයකදී කතුවරයා නොව නිර්මාණය වැදගත් වන අතර කතුවරයා දරා ඇති උත්සාහය ඇගයීමකටද ලක් කෙරේ. සාහිත්‍ය විචාරය පිළිබඳ අවබෝධයට විවිධ සාහිත්‍ය නිර්මාණ විචාර කියවා බැලිය යුතුය.