වධකයා : වර මෙහෙට කොල්ල, දිවීමෙන් පළක් නැත, මහරජු අණදී හමාරයි
රැස්ව පිරිසෙන් අයෙක් : අනේ මෙහෙමත් පොළව නුසුලන අපරාධයක්!
රැස්ව පිරිසෙන් අයෙක් : පවූ අහිංසක දරුවෝ, දෙයියෝම මේවා බලාගත්දෙන්!
මද්දුම බණ්ඩාරගේ සොයුරා මව ලඟට දුවයි. මද්දුම බණ්ඩාර ඉදිරියට එයි. මව හඬමින් දරුවන් තම තුරුළට ගනී.
මද්දුම බණ්ඩාර : අය්යන්ඩිය කුමටද දුවන්නේ, මරණය කවදාහෝ අප කරා එයි..
ඇහැලේපොළ මැණිකේ : අනේ මගේ දරුවෝ මරන්න එපා, මා මැරුවත්, ඔවුන් අහිංසකයි
(මද්දුම බණ්ඩාරගේ සොයුරා මව පිටුපස හැංඟේ)
මද්දුම බණ්ඩාර අයියා ලඟට යයි
අයියණ්ඩිය බිය නොවන්න, මැරෙන සැටි මම පෙන්වමි
ඔහු වදකයා ලඟට යයි!
වදකයා මදක් පසුපසට යයි. ඔහු විශ්මිත වේ. පිරිස තරමක් නොසන්සුන් වේ. මිනිසුන් කෙඳිරි ගාන හඬ ඇසේ.
මද්දුම බණ්ඩාර වදකයා දෙස බලයි, වදකයාද සැලී ඇත
ම.බ. වදකය! නොපැකිලෙව! එක පහරින් මගේ හිස ගසා දමුව
මද්දුම බණ්ඩාර දණගසා දංගෙඩිය මත ගෙල තබයි
මිනිසුන්ගේ හඬවල් වැඩිවේ.
වදකයා කඩුව උස්සා මදක් නැවතී රජු දෙස බලයි
රජු නොසැලී සිටී ...
මේ නාට්‍යයේ ඉතිරිය සම්පූර්ණ කරන්න