යොදා ගන්නා සිසිලන ක්‍රමය අනුව
 එන්ජිමේ ක්‍රියාකාරිත්වය ප්‍රශස්ත උෂ්ණත්වයක පවත්වා ගැනීමට සිසිලන පද්ධතියක් භාවිත කෙරේ. ඒ අනුව, එන්ජිමක් සිසිල් කිරීමට යොදා ගන්නා ක්‍රමවේදය අනුව, එන්ජිම් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වර්ග කළ හැකි ය.

* වාත සිසිලන පද්ධතියක් සහිත එන්ජිම්
* ද්‍රව සිසිලන පද්ධතියක් සහිත එන්ජිම්

වාත සිසිලන පද්ධතියක් සහිත එන්ජිමක දී රත් වූ එන්ජිමේ පෘෂ්ඨ මත ගලා යන වාත ධාරාවක් ගැටීමට සැලැස්වීමෙන් තාපය වාතයට මුදා එය අවශ්‍ය උෂ්ණත්වයට සිසිල් කෙරේ. එන්ජිම හා වාතය අතර තාප හුවමාරුව කාර්යක්ෂම කිරීම උදෙසා මෙවැනි එන්ජිම්වල සිසිලන වරල් (Cooling fins) යොදා ගනියි.

ඇතැම් අවස්ථාවල දී එන්ජිම් සිසිල් කිරීමට ඉහළ තාප ධාරිතාවක් සහිත ද්‍රව උපයෝගි කර ගැනේ.
(c) Shilpa Sayura Foundation 2006-2017