පුවත්පත් වාර්ථා විවිධ ශෛලියෙන් ලියයි. පහත දැක්වෙන්නේ එවන් උදාහරණ කිහිපයකි.
රාජ්‍ය බැංකුවලට නොගෙවා ඇති ණය පිළිබඳව ලෝක බැංකු නියෝජිතයෝ ප්‍රශ්න කරති
රාජ්‍ය බැංකු විසින් බොල් ණය හා අඩමාන ණය වශයෙන් පෙන්නූම් කොට ඇති ගිණුම් සම්බන්ධයෙන් රජය සමග සාකච්ඡා කිරීමට පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි ලෝක බැංකු නියෝජිත කණ්‌ඩායම තීරණය කොට ඇති බව වාර්තා වේ.
ලෝක බැංකු නියෝජිතයින් රාජ්‍ය බැංකුවල ඉහළ නිළධාරින් සමග පැවැත්වු සාකච්ඡා වට කිහිපයකදීම මෙම බොල් ණය හා අඩමාන ණය සම්බන්ධයෙන් දැඩිව ප්‍රශ්න කොට ඇති බවද, රාජ්‍ය බැංකු ශේෂ පත්‍ර පියවාගත නොහැකි තත්ත්වයක් උදාවී ඇත්තේද මෙම ණය මුදල් ආපහු අය කරගැනීමට ඇති අපහසූකම නිසා බවද එම නියෝජිතයෝ බැංකු විධායකයන්ට කරුණු අනාවරණය කොට ඇති බවද වාර්තා වේ.
බොල් හා අඩමාන ණය වශයෙන් හඳුන්වා ඇති බොහෝ ගිණුම් බැංකුවලට ආපසු නොගෙවු ණය වශයෙන් සටහන් වී ඇති බවත් එම ණය මුදල් ආපසු අය කරගැනීමේදී සිදුවන දේශපාලන බලපෑම් නිසා එම මුදල් අය කරගත නොහැති තත්ත්වයක් උදාවී ඇති බවත් බැංකු විධායකයන් ලෝක බැංකු නියෝජිතයන්ට කරුණු අවධාරණය කොට ඇති බව දැන ගන්නට ඇත. ලෝක බැංකු නියෝජිතයෝ රජය සමග පවත්වන සාකච්ඡාවලදී රාජ්‍ය බැංකු ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව සාකච්ඡා කිරීමටද නියමිතය.
වතු සේවක සාමුහික ගිවිසුම අලුත් කිරීම ප්‍රමාද වන ලකුණු
හාම්පූතුන්ගේ සම්මේලනය හා වතු වෘත්තීය සමිති අතර අත්සන් කෙරුණු වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳ සාමුහික ගිවිසුම නැවත අලුත් කිරීම ජූලි පළමු දිනට පෙර සිදු කිරීමට නියමිතව ඇතත්, හාම්පුතුන්ගේ සම්මේලනය හා වතු වෘත්තීය සමිති අතර පැවති සාකච්ඡා අසර්ථක වීමෙන් ගිවිසුම අත්සන් කිරීම ප්‍රමාදවන ලකුණු පහළ වී ඇත.
දෙපාර්ශ්වය අතර මේ වනවිට සාකච්ඡා වාර හතරක් සිදුවී ඇති බවත් එහෙත් ඒ හැම සාකච්ඡාවකදීම හාම්පුතුන්ගේ සම්මේලනය වතුකම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් එකඟතාව දක්‌වා නොමැති බවත්, හාම්පුතුන්ගේ සම්මේලනය එකඟතාවය දක්‌වා ඇත්තේ වතු කම්කරුවන්ගේ දෛනික වැටූප් රු. 10 කින් වැඩිකිරීමට පමණක් බවත් දැනගන්නට ඇත.
වතු වෘත්තීය සමිති වතු කම්කරුවන්ගේ දෛනික වැටූප රු. 10 කින් වැඩිකිරීම පිළිබඳව එකඟතාවයකට නොපැමිණීම නිසා සාමූහික ගිවිසුම අත්සන් කිරීම පිළිබඳ සාකච්ඡාවක්‌ද දින නියමයක් නොමැතිව කල් යමින් තිබෙන බවද වාර්තා වේ.
වතු කම්කරුවන්ගේ වැටුප් පිළිබඳව වූ සාමූහික ගිවිසුම අත්සන් කිරීම ප්‍රමාද වීමට හේතුව කුමක්‌දැයි රාවය, ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා වැවිලි කර්මාන්තයේ අනාගතය සම්බන්ධයෙන්ද සිතිය යුතු කාලයක් එළැඹෙමින් පවතින බවත් දැනට වැවිලි ක්‌ෂේත්‍රයේ අධික නිෂ්පාදන වියදම සම්බන්ධයෙන් හා අවම ඵලදායි තත්ත්වය පිළිබඳව සළකා බලමින් හාම්පූතුන්ගේ සම්මේලනය වැටුප් වැඩිකිරීම පිළිබඳව නිශ්චිත තීරණයක් ලබා දීම ප්‍රමාද කිරීම නිසා එම තත්ත්වය උදාවී ඇති බවත්ය.
කෙසේ වෙතත් වතු කම්කරු වැටුප සාධාරණ ලෙස වැඩිවිය යුතු බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ අදහස බවත්, වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් හාම්පුතුන්ගේ සම්මේලනය හා සාකච්ඡා කොට ඒ සඳහා කඩිනම් පියවරක් ගන්නා බවද අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතා වැඩිදුරටත් කීය.
වතු කම්කරු වැටුප් වැඩි කිරීම පිළිබඳ සාමූහික ගිවිසුම අත්සන් කිරීම ප්‍රමාද වීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් කඳුරට ජනතා පෙරමුණේ නායක අමාත්‍ය පී. චන්ද්‍රසේකරන් මහතාගෙන් අප කළ විමසුමකදී අමාත්‍යවරයා කීවේ වතුකම්කරුවන්ට ජීවත්වීමට සරිලන වැටුපක් ලබාදීම සම්බන්ධයෙන් තමන් නොකඩවා සටන් කරමින් සිටින බවත් සාමූහික අත්සන් කිරීම පිළිබඳව එකඟතාවකට පැමිණීම සඳහා හාම්පූතුන්ගේ සම්මේලනය හා සාකච්ඡාවක් ඉල්ලා ඇති බවත්, එම සාකච්ඡාව වතු ක්‌ෂේත්‍රයේ අනෙකුත් වෘත්තීය සමිති නායකයන්ටද ආරාධනයක් කර ඇති බවත්ය.
බස් සමාගම් ගැනීමට 15ක් අයදුම් කරති
ලංකා ගමනා ගමන මණ්‌ඩලයට අයත් පොකුරු බස් සමාගම් 13 පෞද්ගලික අංශයට විකිණීම සඳහා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්‌කරණ කොමිෂම (පර්ක්) මගින් සිදු කළ අයදුම්පත් කැඳවීමේ කාලය ජූලි 15දා අවසන් වූ අතර පොකුරු බස් සමාගම් මිලට ගැනීම සඳහා ආයෝජන සමාගම් 15ක් අයදුම් කර ඇත. පොකුරු බස් සමාගම් මිලට ගැනීමට ලංසු ඉදිරිපත් කළ සමාගම් පිළිබඳවත්, මිල ගණන් පිළිබඳවත් විමර්ශන කටයුතු නිමවන තෙක් එම ආයෝජකයන් පිළිබඳ තොරතුරු හෙළිකළ නොහැකි බැව් මේ ගැන "රාවය" කළ විමසුමකට පිළිතුරු දුන් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්‌කරණ කොමිෂමේ ප්‍රකාශකයෙක් පැවසීය.
පොකුරු බස් සමාගම් මිලට ගැනීමට කැමැත්ත පළ කළ සමාගම්වල මූල්‍ය ශක්‌තිය, එම සමාගම් සඳහා වන ඔවුන්ගේ ව්‍යාපාර යෝජනා සලකා බැලීමෙන් පසු තෝරාගත් ආයෝජකයන්ට පමණක් මිල ගණන් ඉදිරිපත් කිරීම දැනුම්දීමට "පර්ක්" ආයතනය බලාපොරොත්තු වේ. එක් එක් පොකුරු බස් සමාගමක් සඳහා ඒවායේ කොටස්‌වල අගයෙන් 50%ක් දක්‌වා නව කොටස් මිලට ගැනීම මගින් ආයෝජනය කිරීමට අයදුම්කරුවන්ට සිදුවන අතර පොකුරු බස් සමාගම් පරිපාලනය ද ඔවුනට පැවරේ.
හිතවත්කමට නිවාස ලබාදීමෙන් කෝටි 2 1·2ක පාඩූවක්
හිතවත්කම් මත නිවාස ලබාදීම නිසා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අහිමි වී ඇති මුදල රුපියල් 2,36,99,000ක් බව නිවාස සංවර්ධන ඇමති පී. හැරිසන් මහතාගේ නියෝගයකට අනුව නිවාස සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරීන් විසින් සකස් කෙරුණු වාර්තාවක සඳහන් වේ. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු නිවාස සහ බිම් කොටස් විකිණීම පිළිබඳව කරුණු පරීක්‌ෂා කර බලා වාර්තාව සකස් කර 2002.01.15 වැනි දිනට ප්‍රථම තමා වෙත එවන ලෙස ඉල්ලා නිවාස සංවර්ධන අමතා& පී. හැරිසන් මහතා විසින් නිවාස සංවර්ධන අධිකාරිය වෙත එවන ලද ලිපියකට අනුව නිවාස සංවර්ධන අධිකාරිය 2002.01.21 වැනි දින එම වාර්තාව නිකුත් කළ නමුත් ඇමතිවරයා මේ දක්‌වාම නීත්‍යනුකූල නොවන ආකාරයෙන් නිවාස ලබාගෙන ඇති අයට විරුද්ධව කිසිම පියවරක් ගෙන නොමැති බව දැනගන්නට ඇත.
නිවාස සංවර්ධන අධිකාරියේ අභ්‍යන්තර විගණන අංශය මගින් නිකුත් කර ඇති එම වාර්තාවේ නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ක්‍රිෂාන් දෙහෙරගොඩ හා මාතර හිටපු මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්‌ෂ යන අය රාජ්‍ය සේවකයා යන්න නිර්වචනය කර නීති විරෝධීව නිවාස ලබාගෙන ඇති බව සඳහන් කර ඇත. එයට අමතරව නි.සං. අධිකාරියේ නි. සාමාන්‍යාධිකාරි ඩී.ජේ. ඩොමිංගෝ නිවසක් මිලදී ගැනීමට සහ තම නිවසේ වැඩ අවසන් කිරීමට බව පවසමින් ජා.නි. සං.අ. රුපියල් ලක්‌ෂ 5 ණය මූදලක් ලබාගෙන තිබියදීම ටොරින්ටන් නිවාස යෝජනා ක්‍රමයෙන් ද රුපියල් ලක්‌ෂ 16.5ක් වටිනා නිවසක් සහන පදනම මත රු. ලක්‌ෂ 11.5ට ලබාගැනීම නීති විරෝධී බව එම වාර්තාවේ සඳහන් වේ. ස. සාමාන්‍යාධිකාරි ඊ.එල්. එදිරිවික්‍රම තම නිවසේ වැඩ අවසන් කිරීමට සහ එය ප්‍රතිසංස්‌කරණය කිරීමට බව පවසා රු. ලක්‌ෂ 5ක මුදලක් ලබාගෙන තිබියදී 117 වත්ත නිවාස යෝජනා ක්‍රමයෙන් ලක්‌ෂ 26.25ක් වටිනා නිවසක් සහන පදනම මත රු. ලක්‌ෂ 13.85ට ලබාගෙන ඇත. තව ද නි. සාමාන්‍යාධිකාරි ඉංජිනේරු සේවා පී.ඒ.පී.එච්. ගනේපොල සහ නි. සාමාන්‍යාධිකාරි ඉදිකිරීම් යූ.එච්.ඩී. ධර්මසිරි යන අය තම නිවාස තිබියදී ඇන්ඩර්සන් නිවාස යෝජනා ක්‍රමයෙන් ද සහන මිලට නිවාස ලබාගෙන ඇත.
ස්‌වාධීන කොමිෂන් සභා තව කල් යයි
ව්‍යවස්‌ථා මණ්‌ඩලයේ සාමාජිකයන් තමන් ගනු ලබන තීරණවලට එරෙහිව තමන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පැවරීමට ඉඩක් නැති අතුරු විධි විධාන 17 වැනි සංශෝධනයට ඇතුළත් කළ යුතු බවට ඉල්ලා සිටීම නිසා එම ව්‍යවස්‌ථා සංශෝධනයට එම විධි විධාන ඇතුළත් නව ව්‍යවස්‌ථා සංශෝධනයක් නීතිගත කෙරෙන තෙක් 17 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය යටතේ පිහිටුවීමට නියමිත ස්‌වාධීන කොමිෂන් සභාවලට පුද්ගලයන් පත්කිරීමෙන් වැළකී සිටින තත්ත්වයක් ඇතිවී තිබේ. තමන් ගනු ලබන තීන්දුවලට එරෙහිව මූලික අයිතිවාසිකම් නීතිය යටතේ නඩු පැවරිය හැකි තත්ත්වයක් පවතී නම්, තමන් වෙත පවරා තිබෙන වගකීම ඉටුකිරීමේ හැකියාවක් නැති බව ව්‍යවස්‌ථාදායක සභාවේ මතය වී තිබේ.
එහෙත් මානව හිමිකම් ගැන උනන්දුවක් දක්‌වන ආයතනවල මතය වී ඇත්තේ ඕනෑම මටිටමකින් ගනු ලබන වැරදි පරිපාලන තීන්දුවකට එරෙහිව මානව හිමිකම් යටතේ නඩු පැවරීමේ අයිතියක් සියලු පූරවැසියන්ට තිබිය යුතු බවය. එහිදී කිසිවකුට නැති රැකවරණයක් ව්‍යවස්‌ථා සභාවට පමණක් ලබාදෙන ක්‍රමයක් ඔවුන් අතින් සිදුවිය හැකි වරදක් නිවැරදි කිරීමට ඉඩක් නොලැබෙන තත්ත්වයක් ඇති කිරීමට හේතුවන බව ද ඔවුන්ගේ මතය වී තිබේ.
ව්‍යවස්‌ථා සභාවට මෙම රැකවරණය ලබාදෙන සංශෝධනයක් සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියක් තිබිය යුතුය. තුනෙන් දෙකක අනුමැතියක් සඳහා එකඟත්වයක් ලබාගත නොහැකි වෙතොත්, රාජ්‍ය සේවය, පොලිසිය, මැතිවරණ කටයුතු හා අධිකරණ අල්ලස් හෝ දූෂණ වැරදි සඳහා ස්‌වාධීන කොමිෂන් සභා ක්‍රමයක් ඇති කිරීමේ අදහස ද ව්‍යර්ථ වන්නේය.
17 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය නීතිගත වූයේ අපේක්‌ෂිත හරය විකෘති කෙරෙන ආකාරයටය. මානව හිමිකම් නඩුවලින් ව්‍යවස්‌ථා සභාවට ආරක්‌ෂාව ලබාදෙන නව සංශෝධනයක් ඉදිරිපත් කරන බව ආණ්‌ඩුව ප්‍රකාශ කර ඇතත්, ඒ සමග 17 වැනි සංශෝධනයට කර තිබෙන විකෘතිය නිවැරදි කරන්නේ ද යන්න ආණ්‌ඩුව තවමත් පැහැදිලිව ප්‍රකාශ කර නැත.
ප්‍රථම ධීවර නියෝජිත සමූළුව මැයි 1 දා
සමස්‌ත ලංකා ධීවර වෘත්තීය සංගමය විසින් සංවිධානය කරනූ ලබන ප්‍රථම ධීවර නියෝජිත සමූළුව මැයි මස 1 දා පෙරවරු 10.00 ට කොළඹ පිටකොටූව, පැරණි නගරසභා ශාලාවේදී පැවැත්වේ.
මෙම ධීවර සමූළුව පැවැත්වෙන්නේ විදේශීය මාළු නැව් ලාංකීය මූහූදු තීරයෙන් පිටමං කිරීම, ධීවර ආම්පන්න සහ යාත්‍රා අඩූ මිලට ලබා දීම, ධීවර සම්පත් විදේශයන්ට විකිණීමට එරෙහිව වීම සහ ධීවර වෘත්තීය අයිතීන් සූරැකීම යන තේමාව මත බව එම සංගමය නිවේදනය කරයි.
යාපනයට විදුලිය දීමේ ගිවිසූමක් අත්සන් කරයි
යාපනය ප්‍රදේශයට විදුලි බලය සැපයීම සඳහා ඇමරිකාවේ "ඇල්ස්‌ටන්" සමාගම සමඟ ලංකා විදුලිබල මණ්‌ඩලය ඉකුත් අපේ්‍රල් 25 වැනිදා ගිවිසූමකට එළඹී ඇත. මේ ගිවිසූම යටතේ මෙගාවොටි 20 ක විදුලිය ධාරිතාවක් යාපනය ප්‍රදේශයට ලැබෙයි. එම ගිවිසූම අත්සන් කළ දිනයේ සිට දින හැටක කාල සීමාවක් තුළදී අවශ්‍ය විදුලිය ධාරිතව යාපනයට ලැබිය යූතුය.
දෑනටමත් යාපනය ප්‍රදේශයට කූල් එයාර් සමාගමෙන් මෙගාවොටි 6 ක විදුලිය ධාරිතාවක් හා ලංකා විදුලි බල මණ්‌ඩලයෙන් මෙගාවොටි 4 ක විදුලිය ධාරිතාවක් සැපයේ.
මීට අමතරව කූල් එයාර් සමාගම යාපනයට සපයන විදුලිය ධාරිතාවය ජූලි මාසය පමණ වන විට මෙගාවොටි 15 දක්‌වා වැඩි කිරීමටද තීරණය කර ඇත. ඒ සමාගම යාපනයේ විදුලිය අවශ්‍යතාවය සම්පූර්ණ වනූ ඇතැයි අපේක්ෂා කෙරේ.
මධ්‍යම පළාත් සභාවේ අර්බූදය
ආණ්‌ඩූකාරයාගේ තීරණයට එරෙහිව පූළුල් ජනතා උද්ඝෝෂණයක්
මධ්‍යම පළාත් සභාව තුළ උද්ගත වී ඇති අර්බූදය තවදුරටත් වර්ධනය කරමින් පළාත් ආණ්‌ඩූකාරයා විසින් මධ්‍යම පළාත් සභා සැසිවාරය මැයි මස 21 වැනි දින දක්‌වා කල් තැබීමට ගත් තීරණයට එරෙහිව මූදල් ජනතා උද්ඝෝෂණයක් සංවිධානය කිරීමට මධ්‍යම පළාත් එක්‌සත් ජාතික පකෂ මන්ත්‍රී කණ්‌ඩායම තීරණය කර ඇත.
පළාත් සභාව තුළ උද්ගත වී ඇති තත්ත්වය සාමකාමීව විසඳා ගැනීම සඳහා එහි එජාප කණ්‌ඩායම් නායක ඩබ්.එම්.පී.බී. දිසානායක මහතා මහ ඇමතිවරයා හා ආණ්‌ඩූකාරයා සමඟ සාකච්ඡා කිහිපයක්‌ම පවත්වා ඇතත්, එම සාකච්ඡාවන් සඳහා කිසිදු ප්‍රතිචාරයක් නොදෑක්‌වීමත්, පළාත් සභාවේ අර්බූදය විසඳීම සඳහා ආණ්‌ඩූකාරවරයා සතු බලතල කි්‍රයාත්මක නොකොට ජනාධිපතිනියගේ උපදෙස් මත පළාත් සභාවේ බලය පොදු පෙරමූණ වෙතට තබා ගැනීමට දරන උත්සාහයත් නිසා මේ වන විට මධ්‍යම පළාත් පරිපාලනය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බව මධ්‍යම පළාත් ඉහළ පෙළේ නිලධාරීහූ කිහිප දෙනෙක්‌ම රාවයට කීහ.
පළාත් සභාවේ වැඩි බලය මේ වන විට එක්‌සත් ජාතික පකෂයට හිමි වී ඇතත්, එම බලය එජාපයට ලබා නොදී ආණ්‌ඩූකාරවරයා හිතුවක්‌කාරි ලෙස කි්‍රයා කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩූවක් ගොනූ කර තිබීම අයූතු ලෙස ප්‍රයෝජනයට ගනිමින් අධිකරණ තීන්දුවක් ලැබෙන තුරු කල් බැලීමට පළාත් සභා ඇමතිවරයා හා ආණ්‌ඩූකාරවරයා කි්‍රයාකරමින් සිටින බවත් පළාත් සභාවේ වැඩි බලය හිමි එජාපයට එහි බලය ලබා දීමට අධිකරණ නියෝගයක් ලැබෙන තුරු සිටීම විහිළුවට කරුණක් බවත් පවසන එජාප කණ්‌ඩාවයම් නායකයා, ඇති කළ යූතුව ඇත්තේ ඒකාබද්ධ මෝසමක් මගින් අධිකරණය වෙත කරුණූ දක්‌වා එජාපයට බලය ලබාදීමට ආණ්‌ඩූකාරවරයා විසින් තීන්දුවක් ගැනීම බවද කියයි.
මධ්‍යම පළාත් සභාවේ උද්ගත වී ඇති අර්බූදය පිළිබඳව රාවය එහි මහ ඇමති සරත් ඒකනායක මහතාගෙන් කළ විමසූමකදී ඒ මහතා කීවේ උද්ගත වී ඇති තත්ත්වයට සම්පූර්ණයෙන්ම වගකිවයූත්තේ එජාප කණ්‌ඩායම් නායකයා බවත්, පළාත් සභාවේ බලය පිළිබඳව අධිකරණ තීන්දුවක් ලැබූණූ වහාම ඒ අනූව කටයූතු කිරීමට තමන් සූදානමන් සිටින බවත්ය.
ජාතික මැතිවරණ ක්‍රමයක්
නව ව්‍යවස්‌ථා සංශෝධනය යටතේ දෑනට ක්‍රියාත්මක වන සමානූපාතික මැතිවරණ ක්‍රමය අහෝසි වේ. ඒ වෙනූවට ඡන්ද කොටිඨාස (කේවල) මටිටමේ බහූතර ක්‍රමයේ සහ සමානූපාතික ක්‍රමයේ මිශ්‍ර ක්‍රමයක් හඳුන්වා දෙයි.
ඒ අනූව ජාතික පාර්ලිමේන්තුවේ මූළු ආසන (මන්ත්‍රී) සංඛ්‍යාව 225කි. මෙයින් මන්ත්‍රීවරුන් 125ක් කේවල ක්‍රමයට ඡන්ද කොටිඨාස මටිටමින් තෝරා ගැනේ. ඡන්ද කොටිඨාසයට තරග වදින අපේක්‌ෂකයන්ගෙන් වැඩි ඡන්ද ලබන්නා මන්ත්‍රීවරයා වශයෙන් පත්වේ. එමගින් මනා භූගෝලීය නියෝජනයක්, දෑඩි වගකීම, මන්ත්‍රීවරයා හා ඡන්දදායකයා අතර සෘජූ සබඳතාව ඇති කිරීම අපේක්‌ෂාවයි. සෘජූව තෝරා ගනූ ලබන මැතිවරණ කොටිඨාසයක සාමාන්‍ය ඡන්දදායක සංඛ්‍යාව 1,00,000ක් ලෙසින් සැලකේ.
මේ අනූව වර්තමානයේ පවතින (දෑනට ක්‍රියාත්මක නොවන) පාර්ලිමේන්තු ආසන 160 වෙනූවට ශ්‍රී ලංකාව මැතිවරණ කොටිඨාශවල මායිම් නිර්ණය කිරීමේ කොමිෂමක් මගින් පාර්ලිමේන්තු ආසන 125කට බෙදා වෙන් කෙරේ.
සමානූපාතික ක්‍රමය
මූළු රටෙන්ම සමානූපාතික ඡන්ද ක්‍රමය යටතේ මන්ත්‍රීවරුන් 100ක් තෝරා ගැනේ. සමානූපාතික මන්ත්‍රී ධූර සඳහා ජාතික මැතිවරණය සඳහා නාමයෝජනා දෙන අවස්‌ථාවේම දේශපාලන පක්‌ෂ නිශ්චිත අනූපිළිවෙලකින් යූතු අපේක්‌ෂකයන්ගේ ලැයිස්‌තුවක් බාර දිය යූතුවේ. ඒ ඒ පක්‌ෂ ලබන ඡන්ද අනූපාතයට අනූව මෙම ආසන 100 පක්‌ෂ අතර බෙදේ.
සමානූපාතික මන්ත්‍රීන් තෝරා ගැනීමට මනාප ඡන්ද ක්‍රමය භාවිතා නොවන අතර දෑනට සමානූපාතික ක්‍රමය යටතේ වන ප්‍රසාද ආසන ක්‍රමය ද අහෝසි වේ. සමානූපාතික මන්ත්‍රී ධූරයක් සඳහා දෑනට පවතින 5% කඩඉම් සීමාව ඉවත් වන අතර, නව සෘජූ ආසනයක් දිනාගෙන නොමැති පක්‌ෂවලට නව ඡන්ද කඩඉම ජාතික මටිටමේ 3%ක ඡන්ද ප්‍රමාණයකි. මේ මගින් සූළුතර කණ්‌ඩායම්වල නියෝජනය සහතික වන අතර, සමානූපාතික ප්‍රතිඵල අනූව 1%ක ඡන්ද ප්‍රමාණයකට ආසනයක් හිමිවේ.
ඡන්දදායක කොටිඨාශවල සෘජූ මැතිවරණය සඳහා අපේක්‌ෂකයන් පක්‌ෂය විසින් නම් කළ යූතුවේ. මැතිවරණ කොටිඨාශයේදී පරාජයවීමෙන් පසූව ද පාර්ලිමේන්තුවට යාමට ප්‍රසිද්ධ දේශපාලනඥයන්ට අවස්‌ථාව ලැබෙන බව සහතික කිරීම සඳහා ජාතික පක්‌ෂ ලැයිස්‌තුවක සිටින අතරම කොටිඨාශයක සෘජූ අපේක්‌ෂකයකු වීමට ඉඩ ලැබේ.
ඡන්ද කොටිඨාශවල සෘජූ මැතිවරණයට