කෝට්‌ටේ යුගයෙන් පසු කාලයේ ඇති බලි ශාන්ති කර්මයන්හි විශේෂ ලක්‌ෂණය වූයේ බෞද්ධාගමික සම්බන්ධතාවක් තිබීමයි. බලිශාන්ති කර්මවල දී කරනු ලබන ගායනා බොහොමයක් බුදුගුණ විස්‌තර කෙරෙන ගීතයන් ය. බලි ශාන්ති කර්මය සඳහා සහභාගී වන ඇදුරන් බෞද්ධාගමික වත් පිළිවෙත්වලට අනුව පේවී සිටිය යුතු වේ.
ආරම්භයේ දී පන්සිල් ගෙන තුනුරුවන්ට නමස්‌කාර කෙරේ. නානු ගෑමේ දී ද තුනුරුවන් ප්‍රධාන කොටගෙන ශ්ලෝක, ස්‌ත්‍රේත්‍ර ආදිය ගායනය කෙරේ. මේ අනුව බලියාගය අනෙක් යාග ශාන්ති කර්මවලට වඩා ආගමික නැඹුරුවක් අනුව ගොඩනැගී ඇත.
ආරම්භයේ දී පන්සිල් ගෙන තුනුරුවන්ට නමස්‌කාර කෙරේ. නානු ගෑමේ දී ද තුනුරුවන් ප්‍රධාන කොටගෙන ශ්ලෝක, ස්‌ත්‍රේත්‍ර ආදිය ගායනය කෙරේ. මේ අනුව බලියාගය අනෙක් යාග ශාන්ති කර්මවලට වඩා ආගමික නැඹුරුවක් අනුව ගොඩනැගී ඇත.
බලියාගය තුළ දේශීය සංස්‌කෘතියේ සෑම අංගයක් ම නියෝජනය වේ. චිත්‍ර, මූර්ති, ගායන, වාදන, නර්තන, කැටයම් වැනි බොහෝ දේ එහි අන්තර්ගත ය. එබැවින් එය සංස්‌කෘතික වශයෙන් අප සතු මහඟු දායාදයකි. එසේම අනෙකුත් ශාන්ති කර්මයන්හී දී මෙන්ම මෙහි දී ද නායකත්වයට ගරු කිරීම, ආචාර සමාචාර විධි වැනි සත් චාරිත්‍ර ධර්මතා ද අන්තර්ගත ය. මෙහි ඇති ආගමික නැඹුරුව නිසා අනෙකුත් ශාන්ති කර්මවලට වඩා මෙහි දී එකී ලක්‌ෂණ ඉස්‌මතුව පෙනේ.