බලියාගය පැවැත්වීම සඳහා ඊට සුදුසු ආකාරයේ මඩුවක් ඉදි කරනු ලැබේ. මඩුව ඉදි කරනු ලබන්නේ සුබ හෝරාවන් අනුව ය.
බලි යාගයෙහි සැරසිලි අතර විශේෂත්වයක් වන්නේ බලි ඇඹිමයි. මේ සඳහා තුඹස් මැටි (හුඹස් මැටි) යොදා ගනු ලැබේ. මැටි ගැනීමට පෙර එය ගොක් රැහැන් ඇද වටකර ආරක්ෂා කරනු ලැබේ.
කපාගත් මැටි පදම් කර ගැනීමට පෙර එයට සුවඳ පැන් කිරි ආදිය ඉසිනු ලැබේ. බලි රූප අඹන්නේ ලීයෙන් කළ මැසි මත ය. එක් එක් බලිරූපය සඳහා වෙන වෙන ම මැස්සක් සාදනු ලැබේ. එම මැස්සන් අඹන ලද රූපය පළමුව මකුළු (කිරිමැටි) ආලේප කර පසුව වර්ණ ගන්වනු ලැබේ.
මෙම වර්ණ ගැන්වීමට යොදා ගනු ලබන්නේ පරිසරයෙන් සොයාගත් ගුරුගල්, පාන්දැලි, කොළ ඉස්ම වැනි දේවල් ය. වර්තමානයේ දී නම් මේ සඳහා බලිකුඩු නමින් හැඳින්වෙන කුඩු සායම් යොදා ගනු ලැබේ. බලි කෙළින් කර සිටුවා බලිය පාමුල අටමඟුල ඇඳ පුන් කලසක් සහ මල් බුලත් තටුවක් තබනු ලැබේ. ඉන් අනතුරුව ග්රහයන්ට හිමි වර්ණ සඳහා නව මල් ද, ඔවුන්ගේ වෘක්ෂ සංකේතවත් කිරීමට නවකොළ අත්තක් ද තබනු ලැබේ. ඉඹුල්, කරඳ, වැටකේ, නුග, දිවුල්, කොහොඹ, බෝ, රඹ යන අතු වර්ග සහ පුවක් මලි කිනිති එල්ලා උඩුවියන සරසනු ලැබේ.