නර්තනය හා වාදනය.
 

බලි ශාන්ති කර්මයේ දී නර්තනයට සහ වාදනයට වඩා ප්‍රමුඛස්‌ථානයක්‌ හිමි වන්නේ ගායනයටයි. එබැවින් නර්තනය හා වාදනය යොදා ගනු ලබන්නේ ගායනය ඉස්‌මතු වන ආකාරයෙනි.

බලි ශාන්ති කර්මවල දී නටනු ලබන " බලිමාත්‍රා " නමැති විශේෂ පද කොටස්‌ ඇත. එනමුදු එම පද කොටස්‌ නැටීමේ දී ද මනා සංයමයක්‌ පවත්වා ගැනීම බලි ඇදුරාගේ සිරිතයි. බලි ඇදුරා ගායනයේ යෙදෙමින් වාදනය කිරීම සඳහා අත්මිණියක්‌ (ගගනය) යොදාගනු ලැබේ.