බලි ශාන්ති කර්මයේ දී නර්තනයට එතරම් ප්‍රමුඛතාවයක් නොලැබේ. බලි ශාන්ති කර්මයේ විශේෂ වන්නේ ගායනයයි. ගායනය සමඟ නර්තනය යෙදුණ ද එය මහා සංයමයකින් යුක්‌තව ඉදිරිපත් කරනු ලබන්නකි. බලි යාගවල දී ග්‍රහයන් සඳහා කරනු ලබන ගායනා " ග්‍රහපන්ති " නැමැති විශේෂ නාමයකින් හඳුන්වනු ලැබේ. ග්‍රහ පන්තියක මූලික ලක්‌ෂණය වන්නේ ග්‍රහයින් නම දෙනාට ම අයත් කවි එහි අන්තර්ගත වීමයි.
හිංහතරේ කවි, බලිමඩු පුරයේ ගායනා, පිරිත්හුයේ කවි, විස්‌කම් බලියේ ගායනා යනාදී වශයෙන් ගායනා මහත් රාශියක් බලිශාන්ති කර්මයන් හී අන්තර්ගත ය. ප්‍රධාන වශයෙන් බලි තිස් පහක් (පන්තිස් බලි) පවතින බැවින් ඒ හා බැඳි ගායනා ප්‍රමාණය අති විශාල ය. බලි ගායනයන්හි දී බහුලව ගායනා කරනු ලබන්නේ බුදු ගුණ අඩංගු ගායනාවන් ය.