බලියාග ක්‍රම ඉන්දියානු බ්‍රාහ්මණ සමාජයේ පැවැති යාග ශාන්ති කර්මයක් ලෙස සැලකේ. කෝට්‌ටේ යුගය වන විටත් ලංකාවේ බලියාග කරනු ලැබ ඇත්තේ ඉන්දියාවෙන් මෙහි පැමිණ බ්‍රාහ්මණ පඬිවරුන් විසිනි.
මෙම තත්ත්වය පිළිබඳව කනස්‌සල්ලට පත් වීදාගම හිමියන් බුදු ගුණ ගායනා ඇතුළත් දේශීය බලියාග ක්‍රමයක් ඇති කිරීම සඳහා ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළ බව කියැවේ. අද පවතින දේශීය බලියාග ක්‍රමය ප්‍රභවය ලැබුවේ කෝට්‌ටේ යුගයේ දී ය යන්න පිළිගැනීමයි. බලිශාන්ති කර්මය හා සම්බන්ධ ගායනා ඇතුළත් රත්නාලංකාරය, යාග සංග්‍රහය මහා බලි නිධානය වැනි පොත් වීදාගම හිමියන් විසින් රචනා කරන ලදැයි විශ්වාසයක් පවතී.
අනෙකුත් ශාන්ති කර්මවල යෙදෙන ඇදුරන්ට වඩා බලි ඇදුරකුගේ කාර්ය දුෂ්කර ය. මන්ද යත් බලි ඇදුරකු විසින් බොහෝ ශිල්ප ප්‍රගුණ කළ යුතු වන බැවිනි. ගායනය, නර්තනය, වාදනය, චිත්‍ර කලාව, මූර්ති කලාව, වර්ණාලේපන, නක්‌ෂත්‍ර විද්‍යාව, කැටයම් කලාව වැනි විවිධ කලාවන් පිළිබඳ නිපුණත්වයක් බලි ඇඳුරකු සතුවිය යුතුය.