උඩරට, පහතරට සහ සබරගමු සම්ප්‍රදායන් තුනෙහි ම දක්‌නට ලැබෙන, දේශීය නර්තන සම්ප්‍රදායන් තුනට ම පොදු වූ ශාන්ති කර්මයක් ලෙස බලි ශාන්තිකර්ම හැඳින්වේ. මෙසේ පොදු ශාන්ති කර්මයක් ලෙස දැක්‌වුවද සම්ප්‍රදායට අදාල වූ යම් යම් අනන්‍යනතා ලක්‌ෂණ ද එහි අන්තර්ගතව ඇත. ඒ නිසාම උඩරට,පහතරට සහ සබරගමු බලි ශාන්තිකර්ම සම්ප්‍රදාය අනුව වෙන් කොට හඳුනා ගැනීමේ හැකියාවක් ඇත.
" බලි " යන පදයෙහි අරුත " පූජාව " යන්නයි. මෙම පූජාව අනෙක් පූජාවන්ට වඩා වෙනස් වන්නේ අදාළ දෙවි දේවතාවන්ගේ රූප චිත්‍රණය කිරීම හෝ මැටිවලින් ඇඹීම සිදු කරනු ලබන බැවිනි. ඒ අනුව " රූප බලි " සහ " ඇඹුස් බලි " යනුවෙන් බලි රූප කොටස් දෙකකට වර්ග කළ හැකිය. බලි ශාන්ති කර්මය කිරීමේ දී මෙකී බලි රූප පෙරටු කොට තබාගෙන සියලු වත් පිළිවෙත් ඒ ඉදිරියේ දී කරනු ලබන බැවින් මෙම ශාන්ති කර්මය පවත්වනු ලබන්නේ ඉරු, සිකුරු, අඟහරු, රාහු, කෙහෙතු, සෙනසුරු, සඳු, බුදහු, බ්‍රහස්‌පති, යන ග්‍රහයින් නවදෙනා මුල්කොට ගෙන ය.
පැවැත්වමේ අරමුණු
* නවග්‍රහයින් වෙතින් පැමිණ තිබෙන්නා වූ අපල උපද්‍රව සහ සියලු දෝෂාන්ධකාරයෙන් දුරුකොට ආතුරයාට සෙත් කිරීම.
* ඇස්‌වහ, කටවහ, හෝවහ වැනි අහිතකර තත්ත්වයන් හේතුකොට ගෙන පැමිණෙන්නා වූ රෝග ආපදාවලින් ආරකෂා වීම සහ එකී අහිතකර තත්ත්වයන් මඟ හරවා ගැනීම.