පාරිභාෂික චචන සහිත ලිපි
 

සිංහල යුනිකෝඩ් ස්‌ථාපනයේ වාසි
සිංහල යුනිකෝඩ් ස්‌ථාපනයෙන් මුළු රට පුරා ඒකීය සිංහල දත්ත ප්‍රමිතියක්‌ ඇතිවේ. මේ අනුව ආයතන හා පුද්ගලයන් අතර ඉලෙක්‌ට්‍රොනික ලේඛණ හා දත්ත හුවමාරු කර ගැනීමට ඉඩ ලැබේ. ඉන් සිදුවන්නේ කඩදාසි භාවිතය අඩුවීමයි.

ලේඛණ හා දත්තවල සත්‍යමය භාවය සහතික කිරීම මෙහිදී ඉතා වැදගත් වෙයි. ඉලෙක්‌ට්‍රොනික දින සලකුණු යෙදීම, පරිවර්ථන හා වෙනස්‌කම් කිරීමේදී මුල් ලේඛනය ආරක්‍ෂා කිරීම ලේඛණ ගබඩා කිරීමෙ මුදුකාංග වල අඩංගු විය යුතුය. ජනතාව රජය සමග කෙරෙන සන්නිවේදන සඳහා අන්තර්ජාලය යොදාගැනීමට සිංහල යුනිකෝඩ් බෙහෙවින් උපකාරී වේ. මෙහිදී ඊ මේල් මගින් ප්‍රජා සේවා නොකළ යුතුය. ඉන් සිදුවන්නේ අපිලිවෙලක්‌ හා කාලය අපතේ යාමය. මෙහිදී අනිවාර්යෙන්ම සියළු රාජ්‍ය ආයතන සඳහා එක්‌ මුදුකාංග මුහුණතක්‌ භාවිතා කිරීම
අවශ්‍ය වේ. ඒ ජනයාගේ පහසුවටය.

රාජ්‍ය ආයතනයක වෙබ් අඩවියකට පැමිනෙණ රටවැසියකුට එම ආයතනයේ කිසියම් අංශයකින් ලැබෙන සේවාවක්‌ සම්බන්ධයෙන් පැමිණිල්ලක්‌, පසු විපරමක්‌, ඉල්ලීමක්‌ කිරීමටත්, එම ඉල්ලීමේ තත්වය තමා විසින්ම දැනගැනීමට හැකිවන පරිදි සියළු රාජ්‍ය
ආයතන සවිගැන්වීම ඉතා වැදගත්ය. එම ඉල්ලීම ලැබෙන නිලදරුවා හෝ අංශයට, එයට පිලිතුරක්‌ ලබාදීමටත්, වෙනත් ස්‌ථානයකට යොමු කිරීමටත් හැකිය. සේවා සැපයුම් තත්වය පිළිබඳ ඇගයීමට මෙවැනි මෙවලමක්‌ ඉතා පහසුවක්‌ වේ. දැනට කොළඹ නගර සභාවේ (colombocity.org)මෙවන් මෙවලමක්‌ භාවිතා වේ.

අන්තර්ජාල පහසුකම් නැති රටවැසියන් නැණසලට යොමු කිරීමට මෙම සේවාව උපකාරී වෙයි. පරිගණක දැනුම නැතත් නැණසල උදව්වෙන් රටවැසියකුට එම පහසුව ලබාගත හැක.

ප්‍රදේශීය ලේකම් කාර්යාලවලින් සේවා ලබාගන්නා ජනතාවට ඇති ප්‍රධාන ප්‍රශ්නයක්‌ වන්නේ කාලයයි. නිවැරදි ලේඛන නොමැතිව ඔවුන් නැවත නැවත එම කාර්යයට යායුතු වේ.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් පසු විපරම් කල යුතු සේවාවන්ට සේවා අංකයක්‌ ලබා දීමද එම සේවා අංකය උදව්වේ. අන්තර්ජාලයෙන් පසු විපරම් කිරීමද කඩිනමින් හඳුන්වා දිය යුතු සේවාවකි. මේ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලට ඒකීය මුදුකාංගයක්‌ හඳුනවා දීමට යුනිකෝඩි උපකාරී වේ.

සිංහල යුනිකෝඩි භාවිතයෙන් විවෘත මුදුකාංගකරණයේ වාසි රුසක්‌ රජයට ලබා ගත හැක. ඕපන් ඔෆිස්‌, ලිනක්‌ස්‌ වැනි මුදුකාංග සිංහලට පරිවර්ථනය කිරීමට ඇති හැකියාව ඉන් ප්‍රධානය.

වාසි රුසක්‌ පෙනුනද, ප්‍රායෝගික ක්‍රියාත්මකයක්‌ තුල පමණක්‌ ප්‍රතිඵල ලද හැක. මේ සඳහා දක්‍ෂ වෘත්තිකයිනගේ සහය රජයට ලබා ගත යුතු වන අතර, මුදුකාංග නිමවුම් ඉලක්‌කයන් ඇති කර ගත යුතුය. එම වැඩ පිළිවෙල කාරයක්‍ෂමව ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් නෙඅඩුව ලබා දීම ඉතා වැදගත්ය. මෙවන් ව්‍යාපෘතියක්‌ පරිගණක ක්‍ෂේත්‍රයේ උන්නතියටද හේතවන පරිදි සැලසුම් කිරීමද වැදගත්ය.
නිරන්ජන් මීගම්මන
සිංහල තාක්‍ෂණ පර්යෙෂක සහ
නිර්මාණකරු
වෙබ් අඩවි විශේෂඥ

(c) Shilpa Sayura Foundation 2006-2017