මාතෘකාවක් සහිතව කතා කිරීම
 

මාතෘකාවක් සහිතව කතා කිරීමට පෙර සූදානමක් අවශ්‍යමය.
එය තත්පර 30 ක් හෝ මාසයක් විය හැක.
තමන් පවසන දේ හා ඉන් බලාපොරොත්තු වන බලපෑම ලබාගැනීමට එය ඉතා වැදගත්වේ.

කරුණු පෙළ ගැසීමේදී තර්කාණුකූල වීම සුදුසුය.
එක් එක් කරුණ ගෙන හැර තබා උදාහරණ මගින් පහදන්න. තමන්ම නිගමන ලබාදීමට වඩා අසන්නාට නිගමනය කිරීමට කරුණු ලබාදීම වැදගත් කථිකයෙකුගේ ලක්‍ෂණයයි.

කල් තිබෙන විට කතාව ලියා, සකස් කර ඉදිරිපත් කිරීම රාජ්‍ය තාන්ත්‍රක භාවයේ ලක්‍ෂණයි. ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාපපක්‍ෂ විසින් නිදහස් දින කරන ලද මෙම කතාව කියවා බලන්න.

ඔබ මාක් ඇන්තනි විසින් සීසර් මරාදැමූ විට කළ කතාව ගැන දන්නේද ? ඒ කතාවෙන් මුලු මහත් රෝම ජනතාවම බෲටස් ඇතුලු කණ්ඩායමට එරෙහිවී ඔවුන් මරා දැමුවෝය.

ඔබ මහත්මා ගාන්ධි විසින් කළ කතා කියවා තිබේද?

කථාවකදී වැදගත් වන දෑ

නිවැරදි උච්චාරණය
වචන හා වාක්‍ය ගලායාමේ වේගය, කිය කරුණ අනුව වේ
කථාවේ රිද්මය හා ස්වර පාලනය.
අංග චලනය (වැඩි නොවිය යුතුය).
කතාවක් යනු රඟපෑමක් නොවේ.
සමහර කරුණක් ඉදිරිපත් කර අසන්නාට ධාරණය වීමට මොහොතක, දෙකක කාලයක් දෙන්න.
කාලය අනුව කතා කරන්න.
කතා කිරීමට තමාට හිමි කාලය ගැන දැනගන්න.
කරුණු සඳහා කාලය බෙදාගන්න
අවසර ගැනීම හා ස්තූති කිරීම වැදගත්ය. එයද කාලය අනුවය.
කතාවක හාස්‍යය, ව්‍යංගය ඇතුලත් විය හැක.
ප්‍රාදේශීය භාශාව යොදා නොගන්න.
විජාතික වචන අඩුවෙන්ම යොදාගන්න.
ලියා නොගෙන කථා කරන විට වියරණ අනුව කථා කිරීමට අවශ්‍ය නොවන මුත්, ඊට කිට්ටුවෙන් සිටින්න.
ලියාගත් යමක් ඉදිරිපත් කිරීමේදී වියරණ වැදගත්ය.

(c) Shilpa Sayura Foundation 2006-2017