නිර්මාණාත්මක රචනය
 

නිර්මාණාත්මක යමක් රචනා කිරීමේදී කියවන්නාට රසය ගෙන දිය යුතුය. මෙහිදී කුතුහලය, ත්‍රාසය, බිය, දැනුම, හාස්‍ය වැනි ඕනැම දෙයක් විය හැක.

නිර්මාණාත්මක රචනයක් මෙලෙස පටන් ගෙන, මෙලෙස ලියා මෙලෙස අහවර කළ යුතුයි යන්නෙන් නීතියක් නැත.
බොහෝ කතුවරු විවිධ ක්‍රම අනුගමනය කරති. එක් එක් කාලවලදී පාඨක රසයන්ද වෙනස් වේ.

තමන් රස නොවිඳින දේ අනුනට කෙසේවත් රසවත් විය නොහැක.

නිර්මාණයට පරිසර වර්ණනා යොදා ගත යුතු අතර එය අධික ලෙස නොකරන්න. සංවාද යොදා ගන්න. උපමා රූපක හා පිරූළු රසය වැඩි කරයි.

නිවැරදි වියරණ ගැන සැලකිලිමත් වන්න.
කියවන්නා වෙහෙසකරවන දිග වැකි හා නැවත නැවත එකම දේ ලීමෙන් වලකින්න.

කතාවට ශරීරයක් තිබිය යුතුය.
එහි ආරම්භක, මධ්‍යම, උපරිම හා අවසාන අවස්ථා තිබිය හැක.

සිතා අනතුරුව ලියන්න.
ලියු දේ කියවා නැවත ලියන්න.
නිතර අනිත් නිර්මාණ කියවන්න.

ඔබේ නිර්මාණය කෙටි උවද කියවන්නා සන්තර්පණය කරන්න. පුවත්පත් ආදියට ලිවීමේදී පළ කරන ඉඩ ප්‍රමාණය ගැන සැලකිලිමත් වන්න.

බිත්ති පුවත්පතක උනන්දුව වැඩි කිරීමට කොටස් වසයෙන් පළකරන්න. පාඨකයා කුතුහලයෙන් තැබීම අගනේය.
එහෙත් කුතුහලය නිවී යනතෙක් නොසිට එළි කරන්න.

හොඳ ලේඛකයකු වන්නේ හොඳින් කියවූ අයය.
දිගටම ලියූ අයය.
තම ප්‍රථම නිර්මාණයම සාර්ථක වූ කතුවරුන් අල්පය.
පුවත්පතකට ලියන්නේ නම් නිර්මාණයක් පලවන තුරුම නිතර ලියන්න. පුවත්පතකට යැවීමට පෙර අන් අදහස් ලබාගැනීම යෝග්‍යය.

(c) Shilpa Sayura Foundation 2006-2017