පද්‍ය රචනා මට සිලිටු විය යුතයි. උච්චාරනය හා ගායනය පහසු විය යුතුයි. සරළ වචන යොදාගත යුතුයි.
උදා:
ඔන්න බබෝ ඇතින්නියා ...
රෝස මලේ නටුවේ කටූ ...
අදහසක් පැවසිය යුතුයි.
උදා : බබුට බයේ දුවන්නියා ...
වර්ණනා තිබිය හැක
ඉර පායා ඉර මුදුනට ගියාදෙන් ...
ප්‍රාර්ථනයක් තිබිය හැක
ජාති ජාති අම්මා මට ලැබේවා...
චිත්ත රූප ජනනය කළ යුතුයි
මං බාලේ ඇතිකළ තලගොයි පැටියා..
පද හතරක් වීම සම්ප්‍රදායයි. එසේ නොවන කවිද ඇත.
ඔහේ ආවා
පිලේ ලැග්ගා
පැනුත් බිව්වා
යන්ට යනවා
දුකේ බැරිවා
ආයේ එනවා ...
(රා බිව් මිනිසෙකු ගැන කවියක්)
කවි පද වල දිග එක මාත්‍රා ගණනට තැබීම එළිසමය රැකීමයි. සිව්පද එසේ නිර්මාණය වී ඇත. නිසදැස් නම් කවි වර්ගයේ එලි සමය හෝ තාලය වෙනුවට අදහස හා හැඟීම් මුල් කරයි.
පද්‍යක තාලයක්, රිද්මයක් තිබීම ඉතා වැදගත්ය.
මේ සඳහා නර්ථනයේ ජනකවි තාල බලන්න.