විවිධ කාරණා සඳහා පෞද්ගලික ලිපි ලිවීම
 

විවිධ කාරණා සඳහා පෞද්ගලික ලිපි ලියැවේ.
එය මිතුරන් අතර හෝ නොදන්නා අය අතර ලිවිය හැක.
එය පහත කාරණයක් උදෙසා විය හැක.

තොරතුරු විමසීම
කමාව භජනය
ප්‍රශංශා කිරීම
පැමිණිලි කිරීම
සුභපැතීම
ආරාධනාවක් කිරීම
කණගාටුව ප්‍රකාශ කිරීම

ලිපිය ලබන්නා තමන් දන්නා අයකු නම් , විස්තර කෙටි විය හැක, හඳුන්වාදීම අවශ්‍ය නොවේ.

තමන් නොදන්නා අයකුනම් ලිපියේ මුලම තමා හඳුන්වා දීම මැනවි.
පුද්ගලික ලිපියක් වුවද එය නිල හෝ නොනිල ලෙස ලිවිය හැක.

ලිපියෙන් ප්‍රකාශ කරන අදහස, කරුණ නිරවුල් වීම වැදගත්. නිතරම ලිවීමට පෙර ඒ ගැන සිතන්න.

ලියන්නා ආමන්ත්‍රණයේදී ප්‍රිය වදනක් භාවිතය ඉතා සුදුසුය.
ප්‍රිය මිතුර, දයාබර මිතුර, ආදර අම්මා වෙත

ප්‍රිය මහත්මයාණනි, හිතමත් මහත්මයාණනි, ගරුතර මැතිඳුණි, ගරුතර ස්වාමීන්ද්‍රයන් වහන්ස,

ආමණ්ත්‍රණයට පසුව ප්‍රධාන කාරණය ලිවීම මැනවි. එවිට කියවන්නා ව්‍යාකූල නොවී එක් වරම ලිපියේ කාරණය වටහා ගනී. දෙවනුව තවත් විස්තර ලබාදිය හැකිය.

නිතර එකම දෙය ලිවීමෙන් හා අසම්පූර්ණ වාක්‍ය ලිවීමෙන් වලකින්න.

ලිපිය චේද වලට කඩන්න. උපමා රූපක ආදිය ලිපිවල යෙදීම සුදුසු උවත්, එය ඉතාම උචිත විය යුතුය. කියවන්නා තුල පහන් සිතුවිලි ඇති වනසේ ලිවීම වඩා සුදුසුය.

ලිපිය අවසානයේ ආශිර්වාදයක් කිරීම පෞද්ගලික ලිපිවල දක්නට ලැබේ.
ඔබට තුණුරුවන් සරණයි. ඔබට යහපතක්ම වේවා.

නම ලිවීමේදී පැහැදිලිව ලියන්න.
ලිපියේ නිතරම පිළිතුරු ලැබිය යුතු ලිපිනය, දිනය ලියන්න.

සරළ පෞද්ගලික ලිපියක ආකෘතිය

දිනය
ලිපිනය

ආමන්ත්‍රණය
ප්‍රිය මිතුර, ඔබගේ සුවදුක් කෙසේද ? මා නම් සුවෙනි. එදා ඔබ නිවසින් පැමිණි පසු ලිපියක් ලිවීමට සිතා සිටියත්, එය අතපසු වූයේ වැඩ අධික වූ නිසාය. ඒ ගැන කමාව අයදිමි.

ඊයේ සමන් අයියාගේ ප්‍රතිඵල ලැබුණි. මේ වර නම් ඔහු ඉහලින්ම සමත් වී ඇත. එහෙත් ඔහු විශ්ව විද්‍යාලයට ගිය පසු ගෙදරම පාළු වේ යයි අම්මා කියයි.
......
......

ඔබට සදා ජය!
මා හිතවත් මිතුරු
සංජීව මානවික්‍රම

ලිපිය ඡේද බෙදීම වැදගත් වන්නේ විවිධ කරුණු එකට එක්රැස් කිරීමටත්, අදහස් ගලා යන ආකාරයෙන් ඉදිරිපත් කිරීමය.

ප්‍රවිෂ්ඨ ඡේදය - ලිපිය ආරම්භ කිරීමට හා වැදගත්ම කාරණය දැනුම් දීමට. මිතුරකුට ලියන ලිපියකදී මෙය වෙනස් විය හැකිය.

මධ්‍ය ඡේද - එක් එක් ප්‍රධාන කරුණු ගොණුකොට ලිවීමට යොදාගන්න.

නිගමන ඡේදය - නිල ලිපියකදී , සියලු කලරුණු ගොනු කොට යම් ඉල්ලීමක් කිරීමට යොදාගන්න.

අවසාන ඡේදය- ලිපිය අවසාන කිරීමේ කරුණු. එය ස්තූති කිරීමක්, ආරාධනයක්, ඉල්ලීමක් විය හැක.

ඔබ නිවසේ හෝ ගමේ සිදුවන සිද්ධියක් ගැන පිටරට සිටින නැන්දාට ලිපියක් ලියන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017