අන්තර් සහයෝගිතාව අවශ්‍ය වීමට හේතු
 

 

* ලෝකයේ කිසිම රටකට තම අවශ්‍යතාවන් සියල්ල තනිව සම්පූර්ණ කර ගත නොහැකි වීම නිසා තනිව ජීවත්වීමට නොහැකි
   වීම.
* අතීතයේ සිටම විවිධ රටවල් අතර විවිධ සම්බන්ධතා පැවැත්වීම.
* මුල්ම යුගයේ සරල ස්‌වයංපෝෂිත සමාජයක්‌ තුළ සීමිත අවශ්‍යතා තිබුණ නමුත් ජනසංඛ්‍යා වර්ධනය නිසා අවශ්‍යතා සරල
   වීම.
* අවශ්‍යතා සංකීර්ණ වීමේ දී භාණ්‌ඩ හුවමාරු දියුණු වීම.
* සෞඛ්‍යය, අධ්‍යාපනය, ප්‍රවාහන, සන්නිවේදන යන ක්‍ෂෙත්‍රවල වර්ධනය සඳහා සෑම රටකම සම්පත් එක හා සමානව
   නොතිබීම. (සම්පත් විසංතුලනය)

භාණ්‌ඩ හුවමාරුව වර්ධනය වීමට බලපෑ හේතු


* අත්‍යවශ්‍ය භාණ්‌ඩ වෙළඳාමට ඇතුළු වීම.


* භු විෂමතාව, දේශගුණය, ඔස හා ස්‌වභාවික වෘක්‌ෂලතා ආදියේ වෙනස්‌කම් නිසා ස්‌වාභාවික සම්පත් අතින් එක්‌ රටක්‌

   තව ටකට වඩා වෙනස්‌ වීම.
* වගා කටයුතු එකිනෙකට වෙනස්‌ නිසා ධාන්‍ය හුවමාරුව රටවල් අතර දියුණු වීම.
* භාණ්‌ඩවල අසමාන නිෂ්පාදනය
 
  උදා :- ජර්මනියේ ගල් අඟුරු,
           ස්‌වීඩනයේ යපස්‌
           යකඩ හා වානේ කර්මාන්තය සඳහා මේ ද්‍රව්‍ය හුවමාරු කරගැනීම.

* ඛනිජ සම්පත්වල අසමාන ව්‍යාප්තිය.
* 15 වැනි සියවසේ ඇතිවූ යුරෝපා පුනරුදය නිසා පෙරදිග රටවල නිෂ්පාදන භාණ්‌ඩවලට යුරෝපයේ ඉල්ලුම වැඩි වීම.
* සංවර්ධිත රටවල ඇති ශිල්පීය ඥානය, ප්‍රාග්ධනය, දියුණු යන්ත්‍රෝපකරණ ආදිය  ලබා ගැනීමට යටත් විජිත වශයෙන්
   පැවති රටවල් පෙළඹීම.
* භාණ්‌ඩ අලෙවියට වෙළඳපළවල් අවශ්‍ය වීම.

අන්තර් ජාතික සහයෝගිතාව වර්ධනය වීමට හේතු


* සන්නිවේදන මාධ්‍ය දියුණු වීම.
* සන්නිවේදන නිසා ලෝකය එකිනෙකට සම්බන්ධ වී තිබීම.
* තොරතුරු ඉතා ඉක්‌මනින් ලැබීම.
* විවිධාකාර සහයෝගයන් එකිනෙක රටවලින් ලබා ගැනීමට සන්නිවේදන මාධ්‍යයන් උපකාර වීම.
* ලෝකයේ සිදුවන ස්‌වභාවික උපද්‍රව වලදී රට රටවල සහයෝගය ලබා ගැනීම.
   * නියඟ
   * ගංවතුර
   * භුමිකම්පා
එවන් අවස්‌ථා වලදී
ආහාර ද්‍රව්‍ය
ඖෂධ
රෙදිපිළි, කිරි ආහාර
වෛද්‍ය ප්‍රතිකාර ආදිය ලබා ගැනීම.

(c) Shilpa Sayura Foundation 2006-2017