අරපිරිමැස්මෙන් මුදල් භාවිතය
 

අරපිරිමැස්ම යනු මසුරුව මුදල් එකතු කිරීම නොවේ.
අරපිරිමැස්ම යනු පිළිවෙළකට මුදල් වියදම් කිරීමයි.
වියදම් කළමණාකරණය ප්‍රායෝගික විය යුතුය. බඩගින්නේ සිට මුදල් ඉතිරි කිරීමෙන් පලක් නොවේ.

ඔබේ දිනපතා වියදම් ලැයිස්තුවක් සකසන්න.
ඔබේ සතිපතා වියදම් ලැයිස්තුවක් සකසන්න.
ඔබේ මාස්පතා වියදම් ලැයිස්තුවක් සකසන්න.
ඔබේ වාර්ශික වියදම් ලැයිස්තුවක් සකසන්න.

දිනපතා වියදම් සතිපතා ලෑයිස්තුවට මාරු කළ හැකිද බලන්න.
සතිපතා වියදම් මාස්පතා ලෑයිස්තුවට මාරු කළ හැකිද බලන්න.
මාස්පතා වියදම් වාර්ශික ලෑයිස්තුවට මාරු කළ හැකිද බලන්න.
වාර්ශික වියදම් කපා හැරිය හැකිද බලන්න.

වියදම් අඩුකර ගැනීමේ එක ක්‍රමයක් නම් වියදම් බෙදාගැනීමය. උදාහරණයක් වශයෙන් දෙදෙනකු එකතු වී එක පොතක් මිළදී ගැනීම.

විකල්ප නිශ්පාදන හෝ සේවා ඊට අඩුව ලබාගත හැකිද ?
වියදම් පියවා ගැනීමට අමතර ආදායම් මාර්ග සොයාගත හැකිද බලන්න.

අළුත් භාණඩ වෙනුවට භාවිතා කළ භාණ්ඩ වලින් අවශ්‍යතා සපුරා ගත හැකිද?

ඔබට ඕනෑ දේ පසුවට තබන්න , අවශ්‍ය දේ මිල දී ගන්න.
අතමාරුවට ගත හැකිදේ එසේ ලබාගන්න.

යමක් මිලදී ගැනීමට පෙර මෙම ප්‍රශ්න අසන්න

මෙය මට අවශ්‍යමද ?
මෙම කාර්යය මට වෙනත් ක්‍රමයකින් කර ගත හැකිද ?
මම මීට ගෙවන මුදල මාගේ අවශ්‍යතාවයට සාධාරණද ?
මෙය මිලදී නොගැනීමෙන් මට සිදුවන අලාභය කුමක්ද ?
ඒ අලාභය මා ගෙවන මුදලට සරිලයිද ?
මා අදම මෙය මිලදී ගත යුතුමද ?

එකකට හෝ පිළිතුර නැත නම් නැවත සිතා බලන්න. එහෙත් සියල්ලටම නැත යන අර්ථය ආවත් අවසාන තීරණය ඔබ සතුය.

(c) Shilpa Sayura Foundation 2006-2017