දෙගල් දොරුව විහාරය
 


සිංහල රාඡාවලියේ අග භාගයේ රඡකළ කීර්ති ශ්‍රී රාඡසිංහ රඡතුමා විසින් (ක්‍රි.ව. 1747-1780) කාලයේදී කරවන ලද විහාරයකි.

මහවැලි ගගෙ ලේ වැල්ලේ තොටුපළින් සැතපුම් 01 පමණ දුර ඇති අමුණුගම ප්‍රදේශයේ දෙගල්දොරුව ලෙන් විහාරය පිහිටා ඇත.

 

ශාලාව තුළට පිවිසෙන උඑවස්‌ස මුදුනේ ලීයෙන් සෑදු මකර තොරණකි. එහි මධ්‍යයේ පක්‍ෂිරූප 4 ක්‌ නිරූපණය කොට තිබේ. මෙය විශේෂ මකර තොරණකි.

 

කැටයම් කරන ලද ගල් ස්‌ථම්භ 12 ක්‌ මෙහි නිර්මාණය කොට ඇති අතර එය පියස්‌ස ඔසවා සිටීමට භාවිත කර ඇත. ලෙනට ඉදිරියෙන් ඇති කොටසේ සිවිලිම ලෑලිවලින් නිමකර එවායේ රෙද්දක්‌ සරසා ලද චිත්‍ර මල් රටා වියනේ අලවා ඇත. වියන් පියස්‌සේ චිත්‍රය දෙව්රගම්පළ සිල්වත් තැන නැමති යතිවරයකු විසින් නිමකරන ලද්දකි.

ලෙන් විහාරයේ සිතුවම් මහනුවර යුගයට අයිති වන අතර ඒවා චිත්‍රාවලී හෙවත් රූපක චිත්‍ර මාධ්‍යය ගුරුකොට ගනිමින් ඇඳ තිබේ. මෙම චිත්‍ර වග ලෙසින් ඇඳතිබේ. (එක්‌ ඡාතකය සිද්ධීවලට කඩා ඇඳිම)

 

වෙස්‌සන්තර ඡාතකය "වග" 27 කි. සුතසෝම ඡාතකය "වග" 18 කි.

 

වෙස්‌සන්තර ඡාතකය නිලගම පාත බණ්‌ඩා විසින් ද සුතසෝම ඡාතකය, කොස්‌වත්තේ භීතර නයිදේ ශිල්පියා විසින් ද වියන් චිත්‍රය ප්‍රධානියා වන දෙව්රගම්පොළ සිල්වත් තැන විසින් ද ඈඳි කර ඇත.

 

දේවේන්ද්‍ර මුලාචාරීන් හෙවත් හිරියාලේ නයිදේ ශිල්පියා ද දෙගල්දොරු චිත්‍ර ඇඳිමට සම්බන්ධ වී ඇත. දෙගල් දොරුවේ ඇති සුවිශේෂ ප්‍රධාන සිතුවම් දෙකකි.

 

 

01. වෙස්‌සන්තර ඡාතකය

මෙම සිතුවම මහනුවර චිත්‍ර කලාවේ හමුවන හොඳම වෙස්‌සන්තර ඡාතකය වශයෙන් හැඳිනගෙන ඇත. වග ක්‍රමයට අඛණ්‌ඩ කථන මාධ්‍යය හා පාර්ශවදර්ශි පැතලි සම්ප්‍රදාය ගුරුකොට ගනිමින් වෙස්‌සන්තර ඡාතකය ඇඳ තිබේ. නුවර පෙරහැරේ ගතිලක්‍ෂණ පොදු සමාඡ සිරිත් විරිත් ආභරණ රූපාවලී අතර හිස්‌තැන් පිරවීම මෙම සිතුවමේ අන්තර් ගතවේ.


02. තුවක්‌කු රුගත් මාර යුද්ධය

 

18 වන සියවස තුළ සංස්‌කෘතිමය වශයෙන් ඇතිවු විදෙAශ බලපෑම (පරංගි විදේශකයින්ගේ)පෘතුගීසි ආධිපත්‍යය මිනිස්‌ සන්තානවල සනිටුහන් වී ඇති ආකාරය මෙම සිතුවමෙන් නිරූපණය වේ. බුද්ධරූපය දෙසට තුවක්‌කු රුගත් පරංගී සෙබඑන් මෙහි නිරූපිතය. විදේශ බලපෑම මාරයාට සංකේතවත් කොට ඇත. මෙය උඩුවියන් සිතුවමකි. කහ කොළ රතු කඑ සීමිත වර්ණ භාවිතයෙන් රේඛාවට මුල්තැන දෙමින් විශේෂයෙන් රේඛාකර්මය (කටුසටහන් දැක්‌වීම) වර්ණ පුර්ණය (කටු සටහන් සායම් කිරීම) නැමැති ක්‍රමවේදය භාවිතයට ගනිමින් දෙගල්දොරු විහාරයේ සිතුවම් නිර්මාණය කොට ඇත. මෙම ලෙන අන්ධකාර ලෙනකි. සිතුවම් නැරඹිම සඳහා පළිගු භාවිත කර ඇත. ඒවා දොරවල් වල විශේෂ ලෝහ වලින් අලලා තිබී ඇති අතර ඇතුළේ දල්වන ලද පහන් එළිවල ආධාරයෙන් යම් දීප්තියක්‌ මෙම පළිගුවලින් ලබාදී ඇත. එම පළිගු අද හොරුන් විසින් රුගෙන ගොස්‌ ඇති අතර ඒවා තිබු ස්‌ථානවල දොරවල ඇති ලෝහ තහඩු පමණක්‌ දැකබලා ගත හැකිවේ.

දෙගල් දොරුවේ ප්‍රධාන චිත්‍ර අතර වෙස්‌සන්තර ඡාතකය ක්‌ෂාන්තිවාදි ඡාතකය සුතසෝම ඡාතකය සිඑමිණ සෑය මාර පරාඡය ආලවක දමනය සුවීසි විවරණය මිහිකත දෙස්‌දීම තව්තිසා දෙව්ලොව සොළොස්‌මස්‌ථානය වැනි සිතුවම් වඩා පරිණත භාවයන් නිරූපිත සිතුවම් එලක වේ.

බුදුගෙට පිවිසෙන දොර අභියස විශේෂ සඳකඩ පහණකි. බුදුගෙයි අභ්‍යන්තරයේ තනි කඑ ගලින් නෙළන ලද බුද්ධ රූපයකි. ඇතුඑ දොරටුව ට යාබදව දේව රූප චිත්‍ර 03 කි.

 

01 විෂුණු රූපය
02 සමන් දෙවි රූපය
03 පිටියේ දෙවියන් වශයෙන් නිර්මාණය කොට තිබීම විශේෂ ලක්‍ෂණයෙකි.

 

දේවරූප වලට යාබදව බුදුන්ට කරන පුඡා සමුහයකි. සත් සතිය මරඟන නැටුම දසබිම්බරක්‌ මාරයන් අතර තුවක්‌කු රුගත් මාරයෝ දෙදෙනෙකි. මෙය විශේෂ අවස්‌ථාවකි. යක්‍ෂරූප සඳහා කඑපාට ද මිනිස්‌ රූප සඳහා කහපාටද පච්ච සුදු රතු නියමිත වශයෙන් සම්පිණ්‌ඩනාත්මක සිතුවම් සඳහා යොදාගෙන ඇත. මෙම ඡාතක කථා අතුරින් හොඳ ම ඡාතක කථා 04 කි.


01 වෙස්‌සන්තර ඡාතකය
02 මහාසීලව ඡාතකය
03 සුතසෝම ඡාතකය
04 සත්තු භත්ත ඡාතකය

 

මෙම ඡාතක කථාවලින් සුතසෝම ඡාතකයේ සිතුවම් එලකවල සිව්රඟසේනාව (ඇත් අස්‌ රිය පාබල) අති දක්‍ෂ අයුරින් සිතුවමට නගා ඇත.

මෙම විහාරස්‌ථානය නිර්මාණය කිරීමේ දී පුරෝගාමි වුයේ කීර්ති ශ්‍රී රාඡසිංහ රඡතුමාය. 18 වන සියවසේදී වේ. මේ පිළිබඳ විස්‌තර දෙගල්දොරු තඹසන්නසේ දැක්‌වේ. මහනුවර යුගයේ ශෛලිගත චිත්‍ර සම්ප්‍රදායේ විශිෂ්ටතම නිර්මාණය වන්නේ දෙගල්දොරු විහාරයයි.


(c) Shilpa Sayura Foundation 2006-2017