නව නළු රසය
 
රසය යනු අප දකින, අසන, සිතන, කරන, කියන කවර හෝ කාර්යයක්‌ හේතුවෙන් පංචේන්ද්‍රියන් (ඇස, කන, දිව, කන්, ගත) මගින් ග්‍රහණය කරගනු ලැබ මනසට සංවේදී වන ශක්‌තීන් සමූහයක ප්‍රතික්‍රියාවකි. ඉන්දියාවේ පැරණි සංස්‌කෘත පොතක්‌ වන භරතමුනි ගේ " නාට්‍ය ශාස්‌ත්‍රය "
කෘතියෙහි මෙම රස කොටස්‌ 9 කට බෙදා තිබේ.


මෙම රසයන් හදුන්වා දී ඇත්තේ සංස්‌කෘත භාෂවෙනි. මේ හේතුවෙන් සමහර රසයන් සිංහල භාෂාවේදී එහි අර්තයට සමාන මෙන්ම අසමාන වන අවස්‌තාද වේ.
 
1. ශෘංගාර රසය.
ශෘංගාර රසය යනු " ආදරය හෝ සෙනෙහෙවන්ත " කමක්‌ ඇතිවන අවස්‌තාවලදී මතුවන රසයයි.

2. කරුණා රසය.
කරුණා රසය යනු " දුක්‌බර " අවස්‌තා විදහා දක්‌වන රසයයි. මෙය සංස්‌කෘතික වචනයක්‌ වන බැවින් සිංහල භාෂාවේ කරුණා යන වචනයේ අදහසට සමාන නොවන බව සලකන්න.

3. වීර රසය
වීර රසය යනු " වීරත්වය, බියනැති කම " ආදී අවස්‌තා විදහා දක්‌වන රසයයි. රජ වරුන් ගේ හා රණ ශූරයන් ගේ පිළිම වල දක්‌නට ඇත්තේ මෙම රසයයි.

4. අද්භූත රසය.
අද්භූත රසය යනු " විශ්ම ජනක, පුදුම සහගත, හා අදහාගත නොහැකි," ආදී අවස්‌තා විදහා දක්‌වන රසයයි.

5. හාස්‍ය රසය
හාස්‍ය රසය යනු " සතුටු දායක, විනෝද කාමී " ආදී අවස්‌තා විදහා දක්‌වන රසයයි.

6. භයානක රසය
භයානක රසය යනු " බිය උපදවන, තැති ගැන්මක්‌ " ආදී අවස්‌තා විදහා දක්‌වන රසයයි.

7. ශාන්ත රසය
ශාන්ත රසය යනු " සංසුන්, කරුණාවන්ත " අවස්‌තා විදහා දක්‌වන රසයයි. බුදු පිළිම වල අපට දක්‌නට ලැබෙන්නේ ශාන්ත රසයයි.

8. වීබත්ස්‍ය රසය
වීභත්ස්‍ය රසය යනු " පිලිකුල් සහගත " අවස්‌තා විදහා දක්‌වන රසයයි.

9. රෞද්‍ර රසය
රෞද්‍ර රසය යනු " තරහ " ගිය අවස්‌තා විදහා දක්‌වන රසයයි.
 
(c) Shilpa Sayura Foundation 2006-2017