රන්ගිරි දඹුලු විහාරය ශ්‍රී ලංකාව තුළ එකම ස්‌ථානයක වැඩිම සිතුවම් ප්‍රමාණයක් දැකිය හැකි එකම ස්‌ථානය මෙය වේ. මධ්‍යම පළාතේ මාතලේ දිස්‌ත්‍රික්‌කයට අයත් මෙම විහාර සංකීර්ණය අඩි 500 ක් උසින් පිහිටි ගල් ගුහාවකි. ලෙන් 05 ක මෙම සිතුවම් හා මුර්ති නිර්මාණය කොට ඇත. ක්‍රි.ව. 1056-1114 දක්‌වා රඡකළ මහා විඡයබාහු රඡතුමා ඡරායසව තිබු මෙම ලෙන් ප්‍රතිසංස්‌කරණය කළ බව මහාවංශයේ සඳහන් ව ඇත. ඉන් ලෙන් පසු ක්‍රි.ව. 1187-1196 අතර කාලයේදී නිශ්ශංඛ මල්ල රඡතුමා මෙය නැවත ප්‍රතිසංස්‌කරණය කරවා රන් බුදුපිළිම 73 ක් කරවු බවත් සූවණ්‌ණගිරි යනුවෙන් නම් තැබු බවත් සෙල්ලිපිවලින් කියවේ. දඹුල්ලේ ප්‍රධාන ලෙස් 05 කි.
01. දේව රාඡ විහාරය
02. රඡමහා විහාරය (මහාරාඡ විහාරය)
03. පශ්විම විහාරය
04. අලුත් විහාරය
05. දෙවන අලුත් විහාරය
02. රඡමහා විහාරය (මහාරාඡ විහාරය)
03. පශ්විම විහාරය
04. අලුත් විහාරය
05. දෙවන අලුත් විහාරය
මෙහි මුල් විහාර තුන බලගම්බා රාඡ්‍ය කාලයේදී නිමකරන ලද කෘති වේ. අලුත් විහාරය ක්‍රි.ව. (1747-1782) කාලයේ කෘර්තිශ්‍රී රාඡසිංහ රඡතුමා විසින් කරවන ලද විහාරයකි. මෙම ස්‌වාභාවික ලෙන් නැවත හාරා විශාල කර තැනු ලෙන් වේ. ලෙන් අතර විශාල ම ලෙන වන්නේ රඡමහා විහාරය හෙවත් මහාරාඡ විහාරයයි.
මහාරාඡ විහාරය ලෙන තුළ ඇති චිත්‍ර කීර්ති ශ්‍රී රාඡසිංහ රාඡ්‍යකාලයේ දෙව්ර ගම්පොල සිල්වත් තැන විසින් ඇඳින ලද කෘති වේ. ප්‍රධාන ධර්ම දේශනාව අනෝතත්ත විල විඡය කුමරුගේ පංකාගමනය (සිංහල වාදනය) දුටුගැමුණු රඡ පවුල- දුටුගැමුණු එළාර යුද්ධය ගනේෂ වැනි දෙවිවරුන්ගේ රූප මිහිදු හිමිගේ ලංකාගමනය අනුරපුර මිහින්තල නිදන්වස්‌තු දැක්‌වෙන චිත්‍රය සගමිත් තෙරණිය ශ්‍රී මහා බෝධය රුගෙන එම බුදුවිම තෙක් බෝධිසත්ව සිද්ධි අන්තිම දානය දළදා කුසිනාරා වැඩ මල්ල රඡුනට දහම් දෙසීම දේවාරෝහණය සසඡාතකය පිරිනිවන් පෑම බෝහිමි වැඳිම ප්‍රධාන නිර්මාණ වශයෙන් වැදගත් වේ.
දඹුල්ලේ ඇතැම් මුර්ති සහ චිත්‍ර දඹදෙණි යුගයේදී නිර්මාණය කරන්නට ඇතැයි මතයක් පවතී. වර්තමාන නුවර යුගයේ චිත්‍රවලට යටින් එම දඹදෙණි යුගයේ හා ගම්පොළ යුගයේ නිර්මාණ හමුවන්නේ යනු බොහෝ පුරා විද්‍යඥයින්ගේ අදහස වේ.
දඹුල්ලේ ඇති චිත්‍ර ප්‍රධාන වශයෙන් කාණ්‌ඩ 04 කට අයිති වේ.
01. පොළොන්නරු හා මහනුවර යුග අතර ඇඳ ඇති චිත්‍ර
02. නුවර යුගයේ අලුත්වැඩියාවට භාඡනයවු චිත්‍ර
03. මහනුවර යුගයේ චිත්‍ර
04. මහනුරව යුගයට පසුව අඳින ලද චිත්‍ර
02. නුවර යුගයේ අලුත්වැඩියාවට භාඡනයවු චිත්‍ර
03. මහනුවර යුගයේ චිත්‍ර
04. මහනුරව යුගයට පසුව අඳින ලද චිත්‍ර
වැඩහිඳිනා ප්‍රතිමා විශාල ගණනක් ද සැතපෙන පිළිම 4 ක් ද වලගම්බා රඡු නිශ්ශංඛමල්ල රඡු කීර්ති ශ්‍රී රාඡසිංහ රඡු හා අවලෝකිතේස්‌වර බෝධිසත්ව පිළිම ද දඹුල්ලේ ප්‍රතිමා අතර නිර්මාණය කොට තිබේ.
දඹුල්ලේ ඇති මාරයුද්ධ චිත්‍රය ඉතා උසස් ගණයේ නිර්මාණයකි. එම බුදුන්වහන්සේ භුමි ස්‌පර්ශ මුද්‍රාවෙන් පෙනී සිටි මෙය දෙගල් දොරුව දනගිරි විහාර සිතුවම් වලට සමානකමක් දක්‌වන අතර එය වියන් සිතුවමක් වශයෙන් නිර්මාණය කොට ඇත. දඹුල්ලේ සිතුවම්වල එන ප්‍රථම ධර්මදේශනාව නැමැති චිත්‍රයේ ඇති විශාල දේවතාරූප පොලොන්නරු යුගයේ තිවංක පිළිමගෙයි සිතුවම්වල ලක්‍ෂණ ප්‍රකටකෙරේ. මාර දුවරුන් ගේ ශෛලිය සීගිරි අප්සරා රූප සිහියට නංවයි.
දඹුල්ලේ සිතුවම් ටෙම්පරා චිත්‍ර කලා ශෛලිය (ප්‍රෙශ්කෝසීකෝ) භාවිතයට ගනිමින් ඇඳ ඇති අතර ඒවා අඛණ්‌ඩ කථනය පාර්ශව දර්ශි ක්‍රමය වග ක්‍රමය වර්ණ පුර්ණය භාවිතයට ගනිමින් හා දේශිය වර්ණ උපයෝගි කරගනිමින් කරන ලද නිර්මාණ වෙයි. ලංකාවේ ඇති කුඩා අඡන්තව වන්නේ දඹුල්ල ලෙන් සංකීර්ණයයි. මෙහි ඇති ප්‍රතිමා සංඛ්‍යාව 160 කි.