සුහද විවාදයක කතා කිරීම
 

ඔබ කිව යුතුදේ පළමුව ඔබම තේරුම් ගන්න.
අනුන් නම්මාතර්‍ක ගොඩනෑගීමත් හදිසි තිගැස්සීම් පාලනය කරගැනීමත් වැදගත්ය.
සමූහයක කතා කිරීමට ඇති බිය ස්වාභාවිකය.
උසස් කතිකයෝ ඒ අවදිය බිය සහිත අවධිය ගත කළ අය වෙත්.
කතාකිරීමට බිය සමහරවිට අපට උදව්වකි. එය සිතීමට පුරුදු කරයි.
තමන්ගේ අත්දැකීම් මත කතා කරන්න.
ප්‍රතිවාදියාගේ දුර්වලතා අධ්‍යනය කරන්න.
කටහඬ පාලනය කරන්න.
ඇහුම් කන් ලබාගැනීමට ශබ්දය උස් පාත් කරන්න.
ඉඳ හිට නැවතී සභාවට සිතන්නට මොහොතක් දෙන්න.
ඔවුන්ගෙන් ප්‍රශ්නයක් අසන්න. මොහොතක් නිහඬව සිට පිළිතුර මෙය නොවේදැ'යි යෝජනා කරන්න.

වචන ගලායන වේගය රිද්මයානුකූල කරන්න.
සමහර අවස්ථාවලදී වේගයෙන්ද සමහර විටක සෙමින් (වචන අඩුවෙන්)ද කතා කරන්න.
සභාව සමග මඳව ඇස් අමූණාගන්න. (eye contact)
අංග චලනය පාලනය කරගන්න.
රඟ පාන්නට නොයන්න.
කතාවේදී වැදගත් වන්න.
කටවහර යොදා නොගන්න.
මහ හඬින් සිනා නොමසෙන්න.
හීන් හිනාවක් මුව රඳවා ගන්න.
ප්‍රසන්න වන්න.
හොඳින් අසන්න පුරුදුවන්න.
අන් කතිකයන්ට අපහාස නොකරන්න.
අනවශ්‍ය ලෙස බරපතල වචන භාවිතා නොකරන්න.
ඔබේ වාග්කෝෂය සවිමත් බව පෙන්වන්න
කරුණු වලට මුල් තැන දෙන්න.
උදෘත උපුටා කියන්න.
සරළ උදාහරණ දෙන්න.
නිතර විවාදයේ යෙදෙන්න.
පුහුණුව ඉතා වැදගත්ය.
අවශ්‍ය තන්හිදී ප්‍රතිවාදියාට එකඟ වන්න, එහෙත් කියා එම කරුණු වල පදනම ගැන සෑක සහිත බව පවසන්න. එම කරුණු ප්‍රායෝගික නොවන නිසා පිළිගැනීමට ඔබ සූදානම් නැති බව පවසන්න. පහර ගැසීමෙන් සවිමත් කරුණු නොබිඳේ. එහි අඩු පාඩු පෙන්වා දෙන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017