මහනුවර යුගයේ චිත්‍ර ඇඳිමේ ශිල්පක්‍රම
 



මෙම චිත්‍ර ඇඳිම සඳහා ශිල්පීන්ට වරිත්ති පිහිටිගලේ සහ ගල් බිත්ති යොදාගත්හ. චිත්‍ර ඇඳිමට ප්‍රථම මෙම බිත්ති බදාමය සකස්‌කරන ලදි.  වැලි සහ මැටි කැඳ වතුරෙන් දියකර මුලින්ම බිත්තියේ ආලේප කොට ඒ මත කුරුම්බා ඇටි දිවුල් ලාටු කහට පොතු සතියක්‌ පමණ පල්කර ලබාගත් ඡලය මිශ්‍රණයට එකතුකොට වතුරට මකුඑ ගෙන දියකර බිත්තියේ ආලේපකර බිත්තියෙහි සුදු වර්ණය ලබාගෙන ඇත. එම බිත්තිය මැඳිම සඳහා හක්‌ගෙඩිය හෝ විල්ලුවෙන් ඔපමට්‌ටම් කළ බව පුරාණ ග්‍රන්ථවල සඳහන් කොට ඇත. බිත්තිය වේළෙන්නට හැර (ටෙම්පරා ක්‍රමය) සිතුවම් කොට ඇත. වියළි බිත්තිය තීරුවලට වෙන්කොට සත් සතිය සුවීසි විවරණය මාර යුද්ධය අපාය දර්ශන ආදිය අඛණ්‌ඩ කථන ක්‍රමයට සිතුවම් කර තිබේ. (සිද්ධියෙන් සිද්ධිය නිරූපණය වන පරිදි ඇඳිම) චිත්‍ර වල මුලික සටහන ප්‍රධාන ශිල්පාචාර්යතුමා විසින් සිදුකරනු ලැබේ. ඔහුගේ ගෝල පිරිස කාණ්‌ඩ වශයෙන් බෙදී සිතුවම් වර්ණ කිරීම සිදුකර ඇත. සිතුවමක අඩංගුවිය යුතු ලක්‍ෂණ අතර විශේෂයෙන් මිනිස්‌රූප නිවැරදිව දැක්‌විම පිළිබඳ පුරාණ ග්‍රන්ථවල දැක්‌වෙන්නේ,

 

ස්‌ථානගති  -ක්‍රියාකාරි මිනිස්‌ ඉරියච්
ක්‍ෂයවෘද්ධි ලක්‍ෂණ –දුර සහ ළග (කෙටිවී පෙනෙන ලක්‌ෂණය)
ශ්‍යාමෝඡ්වල - එළිය අඳුර යෙදීම
වර්තනා - යටකුරු බව පෙන්වීම

වර්ණ පුර්ණය (සායම් කිරීම)

 

මහනුවර චිත්‍රවල ඇත්තේ ප්‍රධාන වශයෙන් පැතලි සම්ප්‍රදායකි. රේඛා කර්මය හා වර්ණ යෙදීම පමණක්‌ විශේෂවේ. පාර්ශව දර්ශි ක්‍රමය (එක්‌ පැත්තක්‌ පමණක්‌ පෙනෙන පරිදි ඇඳීම) මහනුවර චිත්‍රවල දක්‌නට ලැබෙන විශේෂ ලක්‍ෂණයකි.

මහනුවර සිතුවම් ඇති ස්‌ථාන ලෙෂ පහත සඳහන් ස්‌ථාන හැඳිනගෙන ඇත. මහනුවර ප්‍රදේශය ආශ්‍රීත ව දළදා මාලිගාව දෙගල් දොරුව ගංගාරාමය ලංකාතිලකය මැදවල හිඳගල මුල්ගම්පළ සුරියගොඩ ගඩලාදෙණිය දඹුලුලෙන ද පහතරට ප්‍රදේශවලින් කැලණිය මාවෙල රිඳී විහාරය තොටගම දනගිරිගල මුල්කිරිගල කරගම්පිටිය තොටගමුව කරගම්පිටිය කතඑව තෙල්වත්ත දොඩන්දුව මිරිස්‌ස යන ස්‌ථාන ද මහනුවර යුගයට අයිති සිතුවම් හමුවන ස්‌ථාන වේ.

මහනුවර යුගයේ චිත්‍ර අඳිනු ලැබු ප්‍රධාන ශිල්පීන් රාශියක්‌ එම කෘති අධ්‍යයනය කිරීමෙන් හැඳිනගෙන ඇත. ඒ අතර


 01. දෙව්ර ගම්පොළ සිල්වත් තැන
 02. හිරියාලෙ නයිදෙ
 03. කටුවන හිමියන්
 04. නිලගම පටබැන්ද
 05. දෙවුන්දර අන්දිරිස්‌
 06. භීමප්පු සිත්තර

 

 මෙම මහනුවර චිත්‍ර කලාව යුරෝපීයන් පැමිණිමට පෙර මහනුවර තිබු ඡන කලාවෙකි. මෙකල වැඩවසම් ක්‍රමය අනුව (රටේ පැවති පාලන ක්‍රමය) අනුව චිත්‍රකලාව ද ඒ අයුරින් ම පැවතුණි. පට්‌ටල් හතර නමින් හැඳින්වෙන රාඡකීය කර්මාන්ත ශාඛාවන් ගෙන් චිත්‍රකලාවට මහත් අනුබලයක්‌ ලබාදී ඇත.

 

පට්‌ටල් හතර


01. රන්කඩු පට්‌ටල
02. ඔටුනු පට්‌ටලය
03. සිංහාසන පට්‌ටලය
04. ආභරණ පට්‌ටලය

 

චිත්‍රය මුල් කරගෙන නිපදවෙන මෙම කර්මාන්ත ශාඛවන් සඳහා ඒ ඒ කුලවලට අයත් ශිල්පීන් තෝරාගෙන ඇත.  මෙයට අමතරව පාලක පක්‍ෂයට අයිති නිලධාරීන් වශයෙන් බෞද්ධ භික්‍ෂුන් වහන්සේලා විහාරාධිපතීන් හා රඡතුමා අයත් වුහ. මෙම අයගේ උපදෙස්‌ පරිදි ඒ ඒ කර්මාන්ත සඳහා පාරම්පරික උරුමය ලද ශිල්පීන් නියමකරන ලදී. පාරම්පරික ශිල්පීය දැනුම අනුකරණ ස්‌වරූපයෙන් හා මුඛ පරම්පරාගතව එය ඒ අයුරින්ම පවත්වා ගෙ ගියහ.

 

මහනුවර චිත්‍ර කලාව ඊඡිප්තුවේ මිසර චිත්‍ර කලාවට නෑකම් කියන සිතුවම් කලාවෙකි. මේ මහනුවර ශිල්ප සම්ප්‍රදාය සියම් රටේ ඇතැම් බලපෑම් මත ලාංකීය කලා ශිල්පියාගේ කුෂලතාව හා බැඳුණු දේශිය ඡන කලාවෙකි.

(c) Shilpa Sayura Foundation 2006-2017