මහනුවර චිත්‍ර කලාව අධ්‍යයන කිරීමට නම් එහි විවිධ තත්ව හඳුනාගැනීම අත්‍යවශ්‍ය ම වේ. මහනුවර යුගයේ චිත්‍ර ශිල්පියෙකු ප්‍රධාන වශයෙන් පස්‌වැදෑරුම් ශිල්පශාස්‌ත්‍ර පිළිබඳ දැනුවත් වී ඇත.
01. රත්තරං පිත්තල හා ලෝහ වැඩ
02. යකඩ වැඩ
03. ලී වැඩ
04. ගල්කැටයම්
05. සිතුවම්
මෙම පස්‌වැදෑරුම් ශිල්ප දැනුම ඇති ශිල්පියාට රඡතුමා විශේෂ ගෞරව නාමය වන (ශිල්පාචාර්ය) යන නාම ලබාදී ඇත. මහනුවර යුගයේ චිත්‍ර ශිල්පය ගුරුකුලය මත ව්‍යාප්තවීමට වඩා තම පරම්පරාවෙන් පරම්පරාවට ශිල්පය පවත්වාගෙන යාමට අවශ්‍ය කරුණු ශිල්පීන් විසින් සම්පාදනය කොට ගෙන ඇත. මෙම ශිල්පය අධ්‍යයනය කිරීමේදී තම දරුවන් සය හැවිරිදි කාලයේ බුලත් හා පුද පඩුරු සහිතව ශිල්පාචර්යවරයාට භාරදීමෙන් ඇතැපුවරු තැබීම කරනු ලැබේ (අතින් අල්ලා ඇන්දවීම)
01. සියඹලා ඇට පලම් 3 යි
02. පොල්කටු අඟුරු පලම් 1 යි
03. යබර පලම් 2 යි
04. අවරිය පදටිය 10 යි
සිතුවම් ඇඳීම සඳහා පින්සල් පිළියෙල කොටගෙන තිබෙන්නේ වැටකෙයියා මුල් තෙලිතණ කෙදි භාවිතයෙනි. තෙලි තණ භාවිතයෙන් කරන ලද පින්සල් තෙලිකුර වශයෙන් නම් තබා ඇත. වර්ණ දේශිය වශයෙන් සපයාගෙන ඇත. එවා පහත දැක්‌වේ.
කහපාට - ගොකටු ගසේ කිරි හිරිගල් ඇඹරීමෙන්
නිල්පාට - නිල් ඇවරිය කොළ ඉස්‌මෙන්
රතුපාට - සාදිලිංගම් -ගුරුගල් ඇඹරීමෙන්
කොළපාට - නිල් සහ කහ මිශ්‍ර කිරීම අරලිය රණවරා මාර ගස්‌වල කොළ යුෂ අගුණ කොළ යුෂ
සුදුපාට - මකුඑ මැටි භාවිතයෙන්
කඑපාට - කපුරෙදි කැබලි හල්දුම්මල කොහොල්ලෑ කැකුණතෙල් අණුකර රත්කර ගැනීමෙන්. මෙයට (කඑ අඳුන් යන නාමයද භාවිත කොට ඇත.)
