අනුරාධපුර සඳකඩ පහණ
 



මෙම යුගයට අයිතිවන සඳකඩ පහණ ප්‍රධාන වශයෙන් දක්‌නට ලැබෙන ස්‌ථාන කිහිපයකි.

01. වෙස්‌සගිරිය කැයටම් රහිත සඳකඩ පහණ
02. අනුරාධපුර ශ්‍රී මහා බෝධිය අසල ඇති සඳකඩ පහණ
03. අනුරාධපුර දළදා මාලිගාව
04. අභයගිරියේ කැටයම් රහිත විශාල සඳකඩ පහණ
05. රුවන්වැලි සෑයත් ථුපාරාමයත් අතර ඇති ගොඩනැගිල්ලේ සඳකඩ පහණ
06. රුවන්වැලි සෑය පිටුපස මණ්‌ඩපයක ඇති සඳකඩ පහණ
07. බසවක්‌ කුලම අසල ඇති ගොඩ නැගිල්ලේ සඳකඩ පහණ
08. හොඳම සඳකඩ පහන වන අනුරාධපුර මහසෙන් මාලිගාව හෙවත් බිසෝ මාලිගාවේ සඳකඩ පහණ


අනුරාධපුර යුගයට අයති සඳකඩ පහණ කැටයම්වල විශේෂත්වයක්‌ නිරූපණය වේ. මුල් ම සඳකඩ පහණ කැටයම් රහිත ගල් පුවරුවකි. අනුරාධපුර අභයගිරියේ විශාල සඳකඩ පහණ චද්‍ර කාන්ති පාෂාණ සඳකඩ පහණ මිහින්තලය වෙස්‌සගිරියේ සඳකඩ පහණ විශේෂ උදාහරණ වේ. ශ්‍රී මහා බෝධිය අසල ඇති සඳකඩ පහණ දර්ශනීය හැඩයකින් යුතු සුවිශේෂ සඳකඩ පහණකි. මෙහි කවාකාර හැඩය කොටස්‌ 5 කට බෙදා ඇත. පද්මය හංසපෙළ ලියවැල ඇතා අශ්වයා සිංහයා ගවයා නාගදැල්ල ගිනිදැල්ල යොදා ඇත. සතුන්ගේ ඡව වේගය රූපවලට අන්තර් ගත කොට ඇත.

ශිල්ප ක්‍රමය


කවකාර පාෂාණය ඡ්‍යාමිතක මිනුම් ක්‍රම භාවිතයට ගනිමින් රේඛා සටහන් කොට එම තීරූවල රූප නිර්මාණය කිරීම සිදුකර ඇත. අර්ධ උන්නත හැඩය මතුවන සේ පසුතලය හාරා ඉවත්කර තිබේ. අනුරාධපුර යුගයේ ක්‍රි.ව. 3 සිට 15 කාලය තුළ හොඳම සඳකඩ පහණ නිර්මාණය වී ඇත.  අනුරාධපුර බිසෝමාලිගාවේ සඳකඩ පමණ ලංකාවේ ඇති හොඳම සඳකඩ පහණ වේ.


අනුරාධපුර යුගයේ සඳකඩ පහණ ඉන්දීය ගුප්ත කලාසම්ප්‍රදායේ අභාසය ලබන්නට ඇතැයි අනුමාන කෙරේ. ඉන්දියාවේ නාගර්ඡුණ කොණ්‌ඩ සිංහලාරාමය හි ඇති සඳකඩ පහණ බොහෝ විචාරකයින් හඳුන්වන්නේ එය ලංකාවෙන් ඉන්දියාවට ගෙනටන්නට ඇති බවයි. මෙය සම්පුර්ණ වශයෙන් කැටයම්කළ සඳකඩ පහණක්‌ නොවේ. එක තීරුවක පමණක්‌ සත්ව පේළියක්‌ දැක්‌වේ. එම සතුන්ගේ ඡවන වේගය එතරම් දක්‍ෂ නොවේ. සෘඡුගතිය දරදඩු ස්‌වභාවය නිරූපණය වේ. මෙයට අමතරව ඉන්දියාවේ ලෝම සෘෂි ලෙනේ මුදුනේද සත්වරූප පෙළ සඳකඩ පහණේ සත්වරූප පෙළ හා සමාන කමක්‌ දක්‌වයි.


ඉහත සඳහන් කරුණු අනුව ලංකාවේ අනුරාධපුරයේ බිසෝමාලිගාවේ සඳකඩ පහණ අතිශය අලංකෘත නිර්මාණයකි.


ලාංකිය සඳකඩ පහණ මුලින්ම

01. කැටයම් රහිත
02. අර්ධ වෘත්තාකාර රේඛාවක්‌ යෙදීම
03. නෙඑම්මල පමණක්‌ කැටයම් කිරීම
04. පලාපෙති පමණක්‌ කැටයම් යෙදීම
05. සත්වරූප සහිත කැටයම් යෙදීම
දක්‌වා සංවර්ධනය වී ඇත

 

අනුරාධපුරයේ බිසෝමාලිගාවේ සඳකඩ පහණ


මෙය අතිශය සංවර්ධනය වු සඳකඩ පහණකි. ආචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ මතය වන්නේ
 1. නාගදැල්ල (ගිනිදැල්ල) - ආශාව ක්‍රොධය රාගගින්න
 2. සත්ව වැල - සතර භය
  හස්‌තියා - ඡරා
  සිංහයා - ව්‍යාධි
  අශ්වය - මරණ
 3. ලියවැල - තෘෂ්ණාව
 4. හංසවැල - ගිහිගෙය හැර යන අය (අභිනික්‌මන් කරන්නෝ)
 5. කුඩා ලියවැල - ක්‍ෂයවු තෘෂ්ණාව
 6. පද්මය - රහත්වීම නිවන


නිරූපණය වන්නේ යෑයි ආචාර්ය සෙනරත් පරණවිතාන සුරීන්ගේ මතය වේ. ඉහත මතයට අමතරව මෙම සඳකඩ පහණේ සතුන් 4 දෙනාගෙන් නිරූපණය වන්නේ බුදුන්වහන්සේගේ චරිතයට සම්බන්ධ සිද්ධි බවත් ඇතාගෙන් මහාමායා දේවිය දුටු සිහිනය බවත් (බෝධිසත්ව උත්පත්තිය) ගවයා ගෙන් වප්මගුල (ලමා කාලය) සංකේතවත් කරන බවත් අශ්වයාගෙන් (මහාබිනික්‌මණ)(නෙරංඡනා ගග තරණය කිරීම) බවත් සිංහයාගෙන් බුදුන්වහන්සේගේ ශාක්‍යවංශ බව සහ බුද්ධත්වය නිරූපණවන බවත් ඉන්දියාවේ මෞර්ය සමයේ කලාකෘති අධ්‍යයනය කිරීමෙන් හැඳිනගෙන ඇත.



(c) Shilpa Sayura Foundation 2006-2017