ග්රහ
පැදියක තාල විභාග වෙන් කොට දක්වනු ලබන ආඝාතය හෙවත් තැළීම, ගයහ යනුවෙන් හදුන්වනු ලබයි. තාලය පවත්වා ගනු ලබන්නේ මෙම ග්රහ හෙවත් තැලීම තුලිනි. ග්රහ ප්රධාන කොටස් තුනකට බෙදේ.1. සමග්රහ
2. විෂමග්රහ
3. අවග්රහ
1. සමග්රහ
පැදියක මුල් මාත්රාව තැළීම හෙවත් ආඝාතය සිදු කිරීම සමග්රහ ලෙස හදුන්වයි.
2. විෂමග්රහ
පැදියක පද, විභාග අනුව වෙන් වීමේදී තැළීම සිදු විය යුතු මුල් මාත්රාව අත හැර දෙවැනි මාත්රාව වැනි විෂම ස්ථානයක ආඝාතය යෙදීම විෂමග්රහයයි.
3. අවග්රහ
යම්කිසි පද්යක තැළීම හෙවත් ආඝාතයට පසුව ගායනය ඇරඹේ නම් එය අවග්රහය ලෙස හඳුන්වනු ලබයි.