1. කාලිංග මාඝට විරුද්ධව කළ යුද්ධය ජය ගැනීමෙන් පසු සතියක් පුරා දළදා වහන්සේට පූජෝපහාර පැවැත්වමට කටයුතු කළේය.
2. තෙරුවන් විෂයෙහි පෙර රජ දරුවන් පූජා කොට තිබූ ගම්බිම් නැවත පවරා දුන්නේය.
3. කැලණි විහාරය, දෙවුන්දර උපුල්වන් දේවාලය හා බෙන්තොට විහාරය ප්‍රතිසංස්‌කරණය කරවීය.
4. ධර්මධර හා විනයධර භික්‌ෂුන්ගේ සංඛ්‍යාව වැඩි කිරම සඳහා වාර්ෂිකව උපසම්පදා උත්සව පැවැත්වීය.
5. දිඹුලාගල මේධංකර සංඝ නායක මාහිමිගේ ප්‍රධානත්වයෙන් ශාසන ශෝධනයක් කරවා "දඹදෙණි කතිකාවත'' නමින්
6. ප්‍රසිද්ධ සංඝ සම්මේලනයක් ඇති කිරීම. මෙම කතිකාවතෙහි අඩංගු කරුණු සමහරක් මෙසේය.
- විනයානුකකුළ ජීවිතයක් සඳහා භික්‌ෂුන් වහන්සේලා විසින් ප්‍රගකුණ කළ යුතු විනය නීති.
- නැකැත් බැලීම, බලි - බිලි පූජා පැවැත්වම නොකළ යුතු බව.
- ලාභ අපේක්‌ෂාවෙන් ගිහියන්ට සේවය කිරීම විනය විරෝධී බැවින් ඉන් වැළකී සිටි යුතු බව.
ප්‍රවීණ උගතෙකකු වූ මේ රජතුමා "කාලිකාල සාහිත්‍ය සර්වඥ පණ්‌ඩිත" යන උපාධි නාමය දැරුවෙකි. විසුද්ධි මාර්ග සන්නය, වන විනිස සන්නය හා සිංහලයේ දැනට ඉතිරිව ඇති මහා කාව්‍යය වන "කව් සිළුමිණ" කෘතීන් එතුමාගේ නිර්මාණයන් වේ.
මේ රජුගේ කාලයේ ජීවත් වූ ගිහි පැවිදි පඬිවරුන් විසින් රාජ්‍ය අනුග්‍රහය මත ග්‍රන්ථ රාශියක් රචනා කර ඇත. සද්ධධර්ම රත්නාවලිය, පූජාවලිය, පාලි රසවාහිණිය, හත්ථවන ගල්ල විහාර වංශය, සමන්ත කූට වර්ණනාව, භේසඡෑජ මංජුසාව, දළදා පූජාවලිය ඒ අතර වැදගත් ය.
රටේ අධ්‍යාපනය නගා සිටුවීම සඳහා බෙලිගල, කුරුණෑගල ආඳී ස්‌ථානවල පිරිවෙන් ද ඉදිකරවීය.
