3 වන විජයභාහු රජුගේ පුත්‍රයා වූ 2 වන පරාක්‍රමබාහු රජු පාණ්‌ඩ්‍ය දේශයේ සුන්දර පාණ්‌ඩ්‍ය රජුගේ ආධාර ද ලබාගෙන කාලිංග මාඝට විරුද්ධව සටන් ආරම්භ කළේ ය. එහිදී රජුගේ සොයුරු බුවනෙකබාහුගෙත් බෑණා වූ වරබාහුගේත් සහය රජුට ලැබුණි. නැගෙනහිරින් පාණ්‌ඩ්‍ය හමුදාව හා සෙසු දිශාවන්ගෙන් සිංහල හමුදාව විසින් වට කරනු ලැබූ පොළොන්නරු බලකොටු ලෙහෙසියෙන් තමා යටතට පත්කර ගැනීමට පරාක්‍රමබාහු රජුට හැකිවිය. පොළොන්නරුවේ සිට 44000 ක කාලිංග මාඝගේ සේනාවෝ දහස් ගණනින් මැරුම් කෑ අතර කාලිංග මාඝ පලා ගියේ ය.
මේ අතර මහාතිත්ථයෙන් කේරළයට පලායාමට ගිය කාලිංඝ මාඝගේ හමුදාවලට මගදී පහර දුන් සිංහල හමුදා ඔවුන් බොහෝමයක් යටත් කරගත්තා මෙන්ම, ඔවුනට අභය දානය දී , පදිංචි වීමට මාන්තොට ඉඩම් ලබාදුන් බවද සමහරක්, රජුගේ හමුදාවට බඳවාගත් බවද මූලාශ්‍ර කියයි.
මේ අයුරින් උතුරු ලංකාව කාලිංග මාඝගේ පාලනයෙන් මුදවා ගැනීමට 2 වන පරාක්‍රමබාහු රජුට හැකිවිය.
එහෙත් පරාක්‍රමබාහු රජුට චන්ද්‍රභානුගේ තවත් ආක්‍රමණයකට මුහුණ ඳීමට සිදුවිය. මෙවර චන්ද්‍රභාණුගේ ආක්‍රමණය එල්ල වූයේ උතුරෙනි. ඉන්දියානු සේනාද රැගෙන පැමිණි චන්ද්‍රභාණු යාපහුව වටලාගෙන දළදාව හා පාත්‍රා ධාතුව ඉල්ලා පරාක්‍රමබාහු රජුට පණිවුඩ එවය. පාණ්‌ඩ්‍ය දේශයෙන් උදව් ලබාගත් පරාක්‍රමබාහු තම පුත් කුමරා වූ විජයබාහු යටතේ යුද්ධ සේනාවක් යවා චන්ද්‍රභාණු පරාජය කළේය. මේ සටනින් චන්ද්‍රභාණු මියගිය බව දකුණු ඉන්දියාවේ පාණ්‌ඩ්‍ය සෙල් ලිපියක සඳහන් වේ.
මේ අවස්‌ථාවේදී පාණ්‌ඩ්‍ය රජු ලංකාවට ලබා දුන් ආධාරවලට හිලව්වට උතුරු ලංකාවේ තමාගේ පාලනය යටතේ නියෝජිතයෙකු පත් කළ බව පාණ්‌ඩ්‍ය සේල ලිපිවල සඳහන් කර ඇත. මේ නියෝජිත පාලකයා චන්ද්‍රභාණුගේ පුත්‍රයෙකි.
