දඹදෙණි යුගය ක්‍රි. ව. 1215 - 1270
 

රජරට ශිෂ්ටාචාරය බිඳවැටීමෙන් පසු පාලන මධ්‍යස්‌ථානය ක්‍රමයෙන් වෙනස්‌වීම සිදුවිය. ඊට හේතුව වූයේ ක්‍රි.ව. 1215 පොළොන්නරු රාජ්‍යය කාලිංග මාඝගේ ආක්‍රමණයට ලක්‌වීම හා ඉන්පසු ඔහු අනුගමනය කළ පීඩාකාරී ප්‍රතිපත්තියයි. පොළොන්නරු නගරය ගිනිබත් කළ නිසා රාජ්‍ය පාලනයේ න්‍යෂ්ටිය විනාශ වී පාලනය මෙන්ම වාරි කර්මාන්ත නඩත්තකුවද ඇන හිටියේ ය. ස්වදේශික ජනතාවද වැඩි කොටසක්‌ රජරට හැර දමා කඳුකරයට හා නිරිත දිගට වීමෙන් රජරට ක්‍රමයෙන් වනගහනයට යටවිය.

දකුණු දිග ප්‍රදේශවලට පැමිණි ජනයාට ආරක්‌ෂාව සලසමින් හා කාලිංග මාඝගේ බල සේනා දකුණට පැමිණීම වළක්‌වමින් දකුණු ප්‍රදේශ පාලනය කළ ජන ප්‍රධානීන් හතර දෙනාගෙන් එක් අයකු වූ දඹදෙණියේ සිටි විජයබාහු කුමාරයා මහා සංඝයා වහන්සේලාගේ උපකාරයෙන් දත්ත ධාතුව හා පාත්‍ර ධාතුව ලබාගෙන 3 වන විජයබාහු නමින් දඹදෙණියේ රජවිය. එතැන් සිට ලංකාවේ පාලන මධ්‍යස්‌ධානය දඹදෙණිය විය. ක්‍රි. ව. 1215 සිට 1272 දක්‌වා මෙම රාජ්‍ය පැවතුණි.


 

(c) Shilpa Sayura Foundation 2006-2017