රජරට ජලාශ්‍රිත ශිෂ්ටාචාරය බිඳවැටීම හා රාජධානිය නිරිත දෙසට සංක්‍රමණය වමෙන් පසුව ජලාශ්‍රිත ශිෂ්ටාචාරයෙන් බැබලුන රජරට ප්‍රදේශ වල් බිහිවන්නට විය. රජරට ජනතාවගෙන් වැඩි කොටසක් කන්ද උඩරටට හා නිරිත දිග ප්‍රදේශවලට සංක්‍රමණය වූහ. ඉතිරි වූ ජනතාවගෙන් වැව් අමුණු කැඩී බිඳී යාම ආදී හේතු නිසා ඇතිවූ මැලේරියා උවදුර වැනි වසංගත රෝගවලට ගොදුරු වීමෙන් මිය ගියහ.
එසේ වුවද රජරට ප්‍රදේශයේ ජනගහනයෙන් සුළු ප්‍රමාණයක් එතෙක් විනාශ නොව පැවතී වැව් ආශ්‍රිතව ඈත ග්‍රාමීය ප්‍රදේශවල තවදුරටත් රැඳී සිටියහ. ජනශූන්‍ය වූ ප්‍රදේශ වනාන්තර වලින් වැසී යද්දී ඉහත කී අයුරින් ශේෂ වූ කුඩා ජනාවාස ප්‍රාදේශීය නායකයින් යටතේ පාලනය විය. වන්නි ජනපද ලෙස පොදුවේ හඳුන්වනු ලබන්නේ මේ ජනාවාසයන්ය.
වර්තමාන උතුරු, උතුරු මැද හා නැගෙනහිර පළාත්වලට අයත් වන නුවර කලාවිය, තමන්කඩුව, කොට්‌ටියාරම, වන්නිය, පාළුගම, වෙල්ලස්‌ස, බින්තැන්න, පානම, යාල ආඳී ප්‍රදේශ වන්නි පාලකයන් යටතේ විය. වන්නි ප්‍රදේශ 18 ක් ගැන මූලාශ්‍රවල දැක්‌වේ. මේවා ප්‍රමාණයෙන් විශාල වූ අතර මහ වන්නි ලෙස හැඳින්විය. මෙම ප්‍රදේශවල පාලකයන් "මහවන්නියා" ලෙස හඳුන්වා ඇත. ඇතැම් මූලාශ්‍රවල වන්නි 364 ක් ගැන සඳහන් වේ. මේවා සුළුවන්නි හෙවත් "සිරිවන්නි" ලෙස හැඳින්වේ.
වන්නි ප්‍රදේශ එකිනෙකට දුරින් පිහිටා තිබීම නිසා ඒවා අතර තිබූ සම්බන්ධතාවය අඩු විය. යාපනයේ ආර්ය චක්‍රවර්තීන්ගේ පාලනය පවතිද්දී වන්නි පාලකයන්ගේ මඟ පෙන්වම යටතේ යාපනයේ සිංහල ජනතාව කැරලි ගැසූ බව පැවසේ. පසුමල් කුමාරයාට යාපනය ජය ගැනීම සඳහා නුවර, කලාවිය, වන්නිය වැනි ප්‍රාදේශීය නායකයන්ගේ සහාය ද ලැබුණු බවද විශ්වාස කළ හැකිය.
කෝට්‌ටේ 6 වන පරාක්‍රමබාහු රජු කාලයේ වන්නි ප්‍රදේශ කෝට්‌ටේ පාලනය යටතට පත්විය. මේ රජුගෙන් පසුව නැවත වන්නි පාලකයන් ක්‍රමයෙන් ස්‌වාධීන වූ බව පෙනී යයි. ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පෘතුගීසීන්ගේ පාලනයට නතු වන තුරුම මේ තත්ත්වය පැවතුණි.
