යාපනේ පාලකයෝ
 

යාපනේ පාලකයෝ
1. විජය කුලංකෙයි ආරියන්
2. කුලශේඛර ආරියන්
3. වික්‌කිරම ශිංගෛ ආරියන්
4. වරෝදය
5. මාර්තණ්‌ඩ
6. කුණු පූෂණ
7. වරෝදය
8. ජයවර
9. කුණු වර
10. කණක ශූරිය ආරියන්
11. පරරාජ ශේඛරන්
12. සංකලි

"යාල්පන වෛපමාලෙයි" ග්‍රන්ථයේ මොවුන්ගේ පාලන වකවානු පිළිබඳව කිසිවක් සඳහන්ව නැත. එකිනෙකාගේ පාලන කාලය
තුළ සිදුවූ වැදගත් සිද්ධීන් පමණක්‌ එහි ඇතුළත් කර ඇත. උදාහරණ කීපයක්‌ මෙසේය.

විජය කුලංකෛ :
නල්ලුර්හි කන්දසාමි කෝවිල සහ තවත් හින්දු කෝවිල් කීපයක්‌ ඉදි කළේය. ඔහුගේ කාලයේ දකුණු ඉන්දියාවේ වෙල්ලාල කුලයට අයත් ද්‍රවිඩ අධිපතීන් කීප ඇතුළත් කර ඇත. එම උදවිය යාපනයට ගෙන්වාගෙන ප්‍රදේශ කීපයක ඔවුන් පදිංචි කරවය.

වික්‌කිරම ශිංගෛ :
මොවුන්ගේ කාලයේ යාපනයේ සිංහල ජනයා සහ දකුණු ඉන්දියානුවෙන් ගෙන්වා පදිංචි කරවූ වෙල්ලාලයන් අතර ආගමික
මතභේද හේතුවෙන් ගැටුම් ඇතිවිය. පුංචිබණ්‌ඩා නමැති සිංහල ප්‍රධානියෙකු මෙම ගැටුම්වල මූලීකත්වය ගෙන කටයුතු කළ බව "යාල්පාන වෛපවාමලෙයි" ග්‍රන්ථයේ සඳහන් වේ. මෙම ප්‍රධානියා එකල යාපනයේ සිටි සිංහලන්ට නායකත්වය දුන් නාග ගෝත්‍රිකයෙකු විය හැකිය. චූලෝදර - මහෝදර යනුවෙන් මහාවංශ කතුවරයා පාලියට නගා ඇත්තේ පුංචිබණ්‌ඩා ලොකු බණ්‌ඩා වැනි නාග ගෝත්‍රිකයන් භාවිත කළ පුද්ගල නාමයන් බවද පෙනී යයි.

වෙල්ලාල - සිංහල ආගමික ගැටුම මැඩ පැවැත්වමට වික්‌කිරම ශිංගෛ ට හැකිවිය.

මාර්තණ්‌ඩ මා වරෝදය යන පාලකයන්ගේ කාලයේ වන්නි නායකයන් ආර්ය චක්‍රවර්ති වරුන්ට විරුද්ධ කැරලි ගැසූ බවත් වරෝදය වන්නි ප්‍රදේශවලට පහර දී ඔවුන් සතු වස්‌තුව පැහැර ගත් බවත් දකුණු ඉන්දියානු පාණ්‌ඩ්‍ය රජෙකුට යුද්ධ ආධාර සැපයූ බවත් සඳහන් වේ.

ජයවරගේ පාලන කාලයේදී මන්නාරමේ මුතුපර සම්බන්ධ ආරාවුලක්‌ නිසා ගම්පල 4 වන බුවනෙකබාහු රජුට විරුද්ධව සටනක්‌ මෙහෙයවා දකුණේ සිංහල ප්‍රදේශ කීපයක යටත් කරගත් බව දුක්‌වේ. එම ප්‍රදේශ දැදිගම රජ කළ 4 වන පරාක්‍රමබාහු
රජුගේ කාලයේදී චෝල රජුගේ ඉල්ලීම පරිදි ආපසු පවරා දී ඒ වෙනුවෙන් විශාල කප්පම් මුදලක්‌ ලබාගත් බව ද සඳහන් වේ.

කුණවරගේ කාලයේ දකුණේ රජවරු ආර්ය චක්‍රවර්තිවරුන්ට කප්පම් ගෙවීම නතර කළ බැවින් කුණවර විසින් දකුණු ප්‍රදේශ ආක්‍රමණය කොට මුලින් අල්ලාගෙන සිටි ප්‍රදේශ නැවත අල්ලාගත් බවත් එම ප්‍රදේශවල දෙමළ ජනයා පදිංචි කරවු බවත් යාල්පාන ග්‍රන්ථයේ සඳහන් වෙයි. "රාජාවලිය" ට අනුව ද මෙම තොරතුරු සනාථ වෙයි.

කණක ශූරින්ගේ පාලන කාලායේ වන්නි පාලකයන්ගේ ආධාර මත යාපනේ සිංහල වැසියන් නැවත වරක්‌ ආර්ය චක්‍රවර්තිවරුන්ට විරුද්ධව මහා කැරැල්ලක්‌ ඇති කළ බවත් ඊට මුහුණ ඳීමට නොහැකිව කණක ශූරිය තම පුතුන් දෙදෙනා සමග දකුණු ඉන්දියාවට පැන ගිය බවත් දුක්‌වේ. අනතුරුව විජයබාහු නම් සිංහල කුමාරයෙක්‌ යාපනයේ බලයට පත් විය.

අවුරුදු 17 කට පසුව ආපසු පැමිණ කණක ශූරිය විජයබාහු මරවා පාලන බලය ආපසු ලබා ගත්තේ ය. මේ වන විට කණක ශූරිය මහළු වියේ සිටි බැවින් රජකම තම පුත්‍රයා වූ පරරාජසේකරම්ට පවරා දුන්නේ ය. ඔහු රජවීමෙන් පසු විජයබාහුට පක්‌ෂපාතීව සිටි සියලුම සිංහලයන් මරා දුමීමට කටයුතු කළ බවත්, යාපනයේ සිටි සිංහල ජනයා එම ප්‍රදේශ අතහැර මහනුවර රාජධානියට ගොස්‌ එහි පදිංචි වූ බවත් යාල්පාන ග්‍රන්ථයේ තවදුරටත් විස්‌තර කර ඇත.

පෘතුගීසීන් ලංකාවට පැමිණියේ පරරාජ සේකරම්ගේ කාලයේ ය. යාපනේ අවසාන පාලකයා වන්නේ සංකිලිය. ඔහු පරරාජ සේකරම්ගේ අවජාතක පුත්‍රයෙකි.

යාල්පන වෛපව මාලෙහි ග්‍රන්ථයේ සඳහන් වන ඉහත දැක්‌වූ තොරතුරු සමහරක්‌ සාවද්‍ය බව අනෙකකුත් ඓතිහාසික මූලාශ්‍ර සමඟ සැසඳීමේදී පෙනී යයි.

නිදසුන් :-
1. නල්ලුර්හි කන්දසාමි කෝවිල ඉදිකළේ විජය කුලංකෛයි නොව 6 වන බුවනෙකබාහු රජු බව එහි ගැයෙන ස්‌තෝත්‍ර පාඨයක්‌ අනුව හෙළි වේ.
2. යාපනය රාජ්‍යය 14 වන ශත වර්ෂයේ අග භාගයේදී විජයනගර අධිරාජ්‍යය යටතේ පැවැති බව ක්‍රි. ව. 1385 දී
ලියන ලද විජයනගරයේ හරිහර රජුගේ ආලම්පුණ්‌ඩි සන්නසේ හා 1390 දී ලියන ලද අරියර් සන්නසේ සඳහන් වේ.

3. එසේම විජය නගරයේ සස දේවරාජ රජුගේ ප්‍රතිරාජයෙකු ලෙස මදුරාපුරය පාලනය කළ "ලකණ දණ්‌ඩ" විසින් යාපනය ආක්‍රමණය කොට ජයගත් බව විජය නගරයේ පිහිටුවා ඇති සෙල් ලිපි දෙකක (ක්‍රි. ව. 1435 - 1440) සඳහන් වේ.

මේ තොරතුරු යාල්පාන ග්‍රන්ථයේ සඳහන් නොවේ.

4. ක්‍රි. ව. 1449 දී කෝට්‌ටේ හයවන පරාක්‍රමබාහු රජතුමා විසින් සෙන්පති සපුමල් කුමරු යටතේ හමුදාවක්‌ යවා යාපනය යටත් කරගත් බව සමකාලීන මූලාශ්‍ර අනුව තහවුරු වේ. එහි පාලකයා බවට පත්වූ සපුමල් කකුමරු වසර 20 ක්‌ පමණ සෙම්බගප් පෙරුමාල් නමින් යාපනට යටත් කළේ ය. මේ ආක්‍රමණය සිදුවූයේ යාපනයේ කණක ශූරිය පාලකයාගේ කාලයේ ය. යාල්පන කෘතියේ මේ තොරතුරු වැරදියට දක්‌වා ඇත. එහි සඳහන් වන්නේ වන්නි පාලකයන්ගේ කැරැල්ලක්‌ නිසා කණක ශූරියා ඉන්දියාවට පැන ගිය බවයි.

යාල්පන ග්‍රන්ථයේ යාපනයේ බලය ලබා ගත්තේ යැයි කියන විජයබාහු සපුමල් කුමරු විය හැක. අවසානයේ සිංහල පාලකයා මරා දමා කණක ශූරිය නැවත රජවූ බවට සඳහන් ප්‍රවෘත්තියද මුසාවකි.

සපුමල් කුමාරයා හයවන බුවනෙකබාහු නමින් කෝට්‌ටේ රජවමෙන් ටික කලකට පසු කණක ශූරිය මදුරා පුරයේ සිටි විජයනගර් රාජ්‍යයේ නියෝජිතයන්ගේ උපකාර ඇතිව නැවත යාපනයේ බලය ලබා ගත්තේ ය.

(c) Shilpa Sayura Foundation 2006-2017