මොවුන් මදුරාපුරයේ ආර්ය පාණ්‌ඩ්‍ය වංශිකයන් බව කියවේ. රාම කුමරු විසින් "රාමේශ්වර" යට උතුරු ඉන්දියාවෙන් ගෙන එන ලද ආර්ය බ්‍රාහ්මණ පරපුරකින් පැවත ආ මේ පිරිස ද්‍රවිඩ ප්‍රදේශයේ පදිංචිව සිටි බැවින් ද්‍රවිඩ බස හා ආර්ය බස මිශ්‍ර භාෂාවක් කතා කළ අතර ද්‍රවිඩ සිරිත් විරිත් වලටද හැඩ ගැසී සිටි බව 14
වන සියවසෙහි රචනා වූ "ශේගරාස සේකරමාලෛ" නමැති ද්‍රවිඩ ජෝතිෂ්‍ය ග්‍රන්ත්‍රයෙහිය.
ක්‍රි. පූ. තුන්වන සියවස දක්‌වා රුහුණු ඉන්දියාවේ රජ කළ පාණ්‌ඩ්‍ය රජවරුන් හා වැසියන් උතුරු ඉන්දියාවෙන් එහි පෑමිණ
පදිංච් වූ ආර්යයන් බව ඉතිහාසඥයින් විසින් පිළිගනී. මහාවංශයට අනුව ක්‍රි.පූ. 6 වන ශත වර්ෂයේ විජය කුමරු අභිෂේකය සඳහා උභයකුල පරිශුද්ධ වූ ක්‍ෂත්‍රිය කුමාරිකාවක් ගෙන්වා ගත්තේ පඬි (පාණ්‌ඩ්‍ය) රටෙහි මදුරාපුර රජ පරපුරෙනි.
පසුව පාණ්‌ඩ්‍ය රාජ්‍යය ද්‍රවිඩ ආක්‍රමණිකයන් අතට පත්වූ පසුද 13 වන සියවස දක්‌වා ආර්ය රාජ පරපුරට අයත් කුමරුවරු එම ප්‍රදේශයේ ජීවත් වූ බවට සැකයක් නැත. සියවස් ගණනාවක් ද්‍රවිඩයන් සමඟ ජීවත්වම නිසා ද්‍රවිඩ සංස්‌කෘතියට අනුව හැඩගැසී සිටියත් ඔවුන් ආර්යයන් මිස ද්‍රවිඩ ලෙස සැලකිය නොහැක.
මේ අයුරින් යාපනය ප්‍රදේශය ප්‍රාදේශීය පාලන ඒකකයක් බවට පත්වූ 13 වන ශත වර්ෂයේ අගභාගය දක්‌වා කාලය තුළ එම ප්‍රදේශයෙන් ලැබෙන්නේ සිංහල සෙල් ලිපි පමණකි. යාපනයෙන් හමුවන ප්‍රථම දෙමළ සෙල් ලිපිය මහා පරාක්‍රමබාහු රජුගේ "නයිනතිවු" ලිපියයි. යාපනයේ පාලකයකු කරවූ ප්‍රථම දෙමළ සෙල් ලිපිය 14 වන සියවසට අයත්ය.
එය පිහිටා ඇත්තේ කෑගලු දිස්‌ත්‍රික්‌කයේ "කොටගම" ය. යාපනයේ සිංගෙයි නගර් හි සිටි පාලකයා වූ "අරියන්'' විසින් දැදිගම රජුට විරුද්ධව එල්ල කළ ආක්‍රමණය සිදුවූ කාලයේ දී මෙය ලියවන්නට ඇති බව පරණවිතාන ශූරීන්ගේ අදහස වේ.
සාහිත්‍ය මූලාශ්‍ර ගත් විට 14 වන ශත වර්ෂයට අයත් වන නිකාය සංග්‍රහයෙහි යාපනයේ රජෙකු ගැන සඳහන් වේ. එතෙක් ලියැවී ඇති දේශීය හෝ විදේශීය මූලාශ්‍ර කිසිවක "යාපනය" ප්‍රාදේශීය පාලන ඒකකයක් ගැන සඳහන් ව නැත.
ක්‍රි.ව. 1344 දී ලංකාවට පැමිණි ඉබන් බතුතාගේ වාර්තාවේ "අර්ෂකාවර්ති" (ආර්ය චක්‍රවර්ති) නමැති සුල්තාන් වරයා යටතේ යාපනය පාලනය වූ බව සඳහන් වේ. විදේශ වාර්තාවක යාපනයේ ප්‍රාදේශීය පාලනයක් ගැන සඳහන්වන පළමු අවස්‌ථාව මෙයයි.
යාපනයේ ආර්ය චක්‍රවර්ති පාලනය පළිබඳව ඉගෙනීම සඳහා ඇති ප්‍රධාන මූලාශ්‍රය වන්නේ "යාල්පාන වෛපවමාලෙයි" නම් වූ දෙමළ වංශ කතාවයි. එය ලියැවී ඇත්තේ ක්‍රි. ව. 1736 වැනි ඉතා මෑත කාලයකදී බැවින් එහි ඇති තොරතුරුවල
ඓතිහාසික වටිනාකම පිළිබඳව ඉතිහාසඥයන් අතර සැකයක් පවතී. "යාල්පානවෛපව මාලෙයි" ග්‍රන්ථයේ යාපනයේ පාලකයන් දොළොස් දෙනෙකකුගේ නාමාවලියක් දක්‌වා ඇත.
ඔවුන්ගෙන් දෙදෙනෙකකුගේ පාලන මධ්‍යස්‌ථානය "ශිංගෙයි නාගර්" නම් ස්‌ථානය බව "ශේගරාස සේකර මාලෛ" නම් කෘතියෙහි සඳහන් ව ඇත. මේ ස්‌ථානය මෙතෙක් හඳුනාගෙන නැත. වල්ලිපුරම් අසල ශිංගෙයි නගරය පිහිටා තිබුණ බව අනුමාන කෙරේ. 16 ශත වර්ෂයේ පෘතුගීසින් මෙරටට පැමිණෙන විට යාපනේ පාලන මධ්‍යස්‌ථානය ව තිබුණේ නල්ලුර් නගරය බව පෘතුගීසි ලේඛනවල සඳහන් ව ඇත.
