රජරට ශිෂ්ටාචාරය බිඳවැටීමෙන් පසු පාලන මධ්‍යස්‌ථානය වෙනස්‌වීම සිදුවිය. ක්‍රි. ව. 1215 පොළොන්නරු රාජ්‍යය කාලිංග මාඝගේ ආක්‍රමණයට ලක්‌වීම හා ඉන්පසු ඔහු අනුගමනය කළ පීඩාකාරී ප්‍රතිපත්තිය වංශ කතාවේ දීර්ඝ ලෙස විස්‌තර කර ඇත. පොළොන්නරු නගරය ගිනිබත් කළ නිසා රාජ්‍ය පාලනයේ න්‍යෂ්ටිය විනාශ විය. ප්‍රභූන්ට කරන ලද හිරිහැර නිසා දේශීය ප්‍රභු පන්තිය රජරට හැරදමා ආරක්‌ෂක ප්‍රදේශවලට යාම නිසා පාලනය මෙන්ම වාරි කර්මාන්ත නඩත්තකුවද ඇන හිටියේ ය. සරුසාර කෙත්වතු පාළුවට ගිය අතර සාමාන්‍ය ජනතාවද වැඩි කොටසක් රජරට හැර දමා කඳුකරයට හා නිරිත දිගට සංක්‍රමණය වූහ. මහා සංඝයා වහන්සේලාද විහාරාම අතහැර දන්ත ධාතුවද රැගෙන ආරක්‌ෂක ප්‍රදේශවලට ගියහ. සමහර භික්‌ෂුන් වහන්සේලා විදේශගත වූහ. රජරට බොහෝ ප්‍රදේශ ක්‍රම ක්‍රමයෙන් වනගහනයට යටවිය.
තැනින් තැන ඉතිරි වූ හුදකලා ගම් ඇසුරින් පසු කාලයේ වන්නි ජනපද බිහි විය. රජරට හැරදමා දකුණු දිග ප්‍රදේශවලට පැමිණි ජනයාට ආරක්‌ෂාව සලසමින් හා කාලිංග මාඝගේ බල සේනා දකුණට පැමිණීම වළක්‌වමින් දකුණු ප්‍රදේශ පාලනය කළ ජන ප්‍රධානීන් හතර දෙනෙකකු පිළිබඳව ඉතිහාසයේ සඳහන් වේ.
1. රුහුණේ ගෝවින්ද හෙළ ප්‍රදේශය පාලනය කළ බුවනෙකබාහු ආදිපාදවරයා
2. මහවැලි ගඟ අසබඩ මිනිපේ ප්‍රදේශය ආරක්‌ෂා කළ බුවනෙකබාහු ආදිපාදිවරයා යටතේ කටයුතු කළ සංඛ සෙන්පතියා.
3. සුභ පබ්බතය හෙවත් යාපහුව මධ්‍යස්‌ථානය කරගත් සුභ සෙන්පති.
4. දඹදෙණියේ සිටි විජයබාහු කුමාරයා.
මෙම ප්‍රාදේශීය පාලකයන් අතුරින් දඹදෙණියේ විජයබාහු කුමාරයා මහා සංඝයා වහන්සේලාගේ උපකාරයෙන් දත්ත ධාතුව හා පාත්‍ර ධාතුව ලබාගෙන 3 වන විජයබාහු නමින් දඹදෙණියේ රජවිය. එතැන් සිට ලංකාවේ පාලන මධ්‍යස්‌ධානය දඹදෙණිය විය. ක්‍රි. ව. 1215 සිට 1272 දක්‌වා මෙම රාජ්‍ය පැවතුණි.
ක්‍රි. ව. 1272 දී බුවනෙකබාහු රජු යටතේ ලංකාවේ පාලන මධ්‍යස්‌ථානය යාපහුවටද, ක්‍රි. ව. 1300 ඳී තුන්වන බුවනෙකබාහු රජු විසින් කුරුණෑගලටද ක්‍රි. ව. 1341 දී ගම්පොළටද, ක්‍රි. ව. 1415 දී කෝට්‌ටේටද මාරුවිය. දඹදෙණි යුගයේ සිට කොට්‌ටේ යුගය දක්‌වා කාලයේ මෙරට දේශපාලන, ආර්ථික, සමාජ හා සංස්‌කෘතික වශයෙන් වැදගත් වන අපරදිග ජාතීන්ගේ ආක්‍රමණ ආදී සිද්ධීන් සිදුවිය.
ශ්‍රි ලංකාවේ රාජධාණි සංක්‍රාන්තිය සහ ප්‍රාදේශීය පාලන මධ්‍යස්‌ථාන
1. අනුරාධපුරය
2. පොළොන්නරුව සහ සෙංකඩගල (මහනුවර රාජධානිය)
3. දඹදෙණිය
4. යාපහුව, මාගම සහ මහානාගහුල
5. කුරුණෑගල
6. ගම්පොළ, රයිගම සහ සීතාවක
7. කොට්‌ටේ දැදිගම සහ යාපනය
