ගල් විහාර, ලංකාතිලකය, තිවංක පිළිමගෙය යන ස්‌ථානවල පොළොන්නරු යුගයට අයත් චිත්‍ර ඇත. මේ අතරින් ඉතා උසස්‌ම චිත්‍ර ඇත්තේ තිවංක පිළිමගෙහි බිත්තිවලය. මඳ රතු - කහ සහ කොළ පැහැය යොදා ගනිමින් පුද්ගල රූප භාව සෞන්දර්ය සිද්ධාන්ත වලට අනුරූපව සාම්ප්‍රදායික ක්‍රමයට මෙම චිත්‍ර ඇඳ ඇත. බෝසත් සිරිත හා බුදු සිරිත මෙම චිත්‍රවලට පදනම් ව ඇත.
දිඹුලාගල ගල්ලෙන් චිත්‍ර ද මේ යුගයට අයත් ලෙස සැලකේ.