නිශ්චිතවම යම් කෙනකු, යම් දෙයක් හෝ ස්ථානයක් නොහඟවන නාම පද අනියමාර්ත නාම ලෙස හඳුන්වයි.
උදාහරණ
ළමයෙක්, ගුරුවරයෙක්,ගුරුවරියක්, කුහුඹුවෙක්, ගසක්, බසයක්, පැන්සලක්, කාන්තාවක්,පන්සලක්, ගමක්, රටක්, ගඟක්
ඒවා වල බහූ වචන ස්වරෑපයන් පහත පරිදිය
ළමයින්, ගුරුවරයින්,ගුරුවරියින් කුහුඹුවන්, ගස්, බස්, පැන්සල්, කාන්තාවන්,පන්සල්, ගම්, රටවල්, ගඟවල්
අනිමාර්ථ පද සෑදීමේදී නාම පදයට එක්, අකු, එකු හෝ අක්, අක, අකු ප්රත්යක් එකතු කරයි.
මෙහිදී
එක්, අකු, එකු ප්රත්ය පුරුෂ ලිංග නාම පද සඳහාද
අක්, අක, අකු යන ප්රත්ය ස්ත්රී ලිංග නාම පද සඳහාද යෙදේ.
එක්, අකු, එකු ප්රත්ය යෙදුම්
ගොවියා -> ගොවියා+එක් -> ගොවියෙක්
ගොවියා -> ගොවියා+අකු -> ගොවියකු
ගොවියා -> ගොවියා+එකු -> ගොවියෙකු
තවද
ගුරුවරයා -> ගුරුවරයෙක්, ගුරුවරයකු,ගුරුවරයෙකු
කුහුඹුවා -> කුහුඹුවෙක්, කුහුඹුවකු, කුහුඹුවෙකු
හාවා -> හාවෙක්, හාවකු, හාවෙකු
එවන් ප්රත්ය එකතු කල යෙදුම්ය.
අක්, අක, අකු යන ප්රත්ය යෙදුම් (ස්ත්රී ලිංග)
ගොවිලිය-> ගොවිලිය + අක් -> ගොවිලියක්
ගොවිලිය-> ගොවිලිය + අක -> ගොවිලියක
ගොවිලිය-> ගොවිලිය + අකු -> ගොවිලියකු
තවද
ගුරුවරිය-> ගුරුවරියක්, ගුරුවරියක, ගුරුවරියකු
කුහුඹිය -> කුහුඹියක්, කුහුඹියකු, කුහුඹියකු
හාවිය -> හාවියක්, හාවියක, හාවියකු
එවන් යෙදුම්ය
ගුරුවරියෙකු හෝ ගුරුවරයකු යනුවෙන් ලිවීම වැරදිය.
හාවියෙක් හෝ හාවකු යනුවෙන් ලිවීමද වැරදිය.
නපුංශක ලිංග සඳහා අක් යන ප්රත්ය එකතු වන බව පෙනේ
නිවස -> නිවස+අක් -> නිවසක්
මේසය -> මේසයක්
කාලය -> කාලයක්
නපුංශක ලිංග බහූ වචනයේදී ඕ යන ප්රත්ය අනියමාර්තය සඳහා යෙදුමක උදාහරණයක් ලෙස
ගංඟාව -> ගංඟාවෝ යන්න ගත හැක. නමුත් එය සුලභව නොයෙදේ