හෙළ කලාකරුවන්ගේ උසස්‌ම නිර්මාණය බුදු පිළිමය වේ. තිවංක පිළිමගෙහි ඇති හිටි පිළිමය ඉතා දුර්ලභ ගණයේ එකකි. එය තුන්පලකින් වක්‍රව ලතාවකට සමානව නෙළා ඇති නිසා මේ යුගයේ අධ්‍යාත්මික ගුණ නිරූපණයට වඩා බාහිර අලංකාරයට වැඩි තැනක් ලබා දී ඇති බව පෙනී යයි.
එය ශිල්පීය නිපුණතාවයෙහි පරිහානියේ ලකෂණයකි. ගල් විහාරයේ ඇති සැතපෙන පිළිමය අති විශිෂ්ට නිර්මාණයක් වේ. අඩි 45 යි අඟල් 4ක් දිග මෙම පිළිමය තනි ගලෙන් නෙළා ඇත. මෙය බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් මංචකය ලෙම මුලඳී විශ්වාස කළත් නූතන පුරා විද්‍යාඥයින් මෙය සාමාන්‍ය සැතපෙන පිළිමයක් බව එහි ශරීර ලක්‌ෂණවලින් ඔප්පු කර ඇත.
ගල් විහාර පිළිම හැරුණු විට පොළොන්නරු යුගයේ අනෙකකුත් බුද්ධ ප්‍රතිමා ගඩොල් හා හුණු බදාම භාවිතයෙන් නිමවා ඇත. අනුරාධපුරයේඳී භාවිත වූ කළුගල් වර්ගය පොළොන්නරු ප්‍රදේශයේ දුර්ලභ වීම මෙයට හේතු වන්නට ඇත.
පඬුවස් නුවරින් ලැබී ඇති දොළොස්‌වන සියවසට අයත් ලෝහ පිළිමය මහා පරාක්‍රමබාහු රජුගේ යයි විශ්වාස කෙරේ. මේ හැර පොළොන්නරුවේ ශිව දේවාල ඇසුරින් සොයාගත් ශිව, නටරාජා, පාර්වතී, ආඳී මූර්ති සියල්ලම දකුණු ඉන්දියාවෙන් මෙහි ගෙන්වන ලද ඒවා ලෙස සැලකේ.