මුරගල් අතර වටදාගෙහි උඩුමහලේ නැගෙනහිර දොරටුවේ පියගැට පෙළ පාමුල ඇති (නාග රූප සහිත) මුරගල කලාත්මක අතින් ඉතා උසස්ය. එය අනුරාධපුර රත්න ප්‍රාසාදයේ මුරගල් තරම්ම කලාත්මකය. අනෙක් දොරටුවල ඇති මුරගල් කලාත්මක බවින් අඩුය.
කලාත්මක මුරගල් දෙක අනුරාධපුරයෙන් ගෙන්වා මෙහි පිහිටුවන්නට ඇති බවත් අනෙක් මුරගල් ඒවා අනුකරණයෙන් නිමවන්නට ඇති බවත් ඇතැම් පුරා විද්‍යාඥයින්ගේ මතයකි. පොළොන්නරු යුගයේ කොරවක් ගල් හිස අනුරාධපුර යුගයේ මෙන් මකර රූපයකින් පමණක් නොව ගජසිංහ රූපවලින්ද ආරම්භ ව ඇති බව පෙනී යයි තිවංක පිළිමගෙයි හා රාජවේශ්යා භූජංග මණ්ඩපයේ කොරවක් ගත් ගජසිංහ රූපවලින් ආරම්භ ව ඇත.