පොළොන්නරු වටදාගෙය, බුද්ධ සීමා ප්‍රාසාදය, ඇතකුළු කීප පලකම සඳකඩ පහණ ඉදිකර ඇතත් ඒවා අනුරාධපුර නිර්මාණ තරම් තත්ත්වයෙන් උසස් ඒවා නොවේ. පොළොන්නරු සඳකඩ පහණින් ගව (වෘෂභ) රූපය ඉවත් කොට ඇත.
හින්දු බලපෑම මීට හේතකු විය. මෙකල සිංහල බෞද්ධ ජනයා අතරද දේව විශ්වාසය පැතිර ගොස් තිබුණු බැවින් ඊශ්වර දෙවියන්ගේ වාහනය වූ ගවයා පෑගෙන ස්ථානයක යෙඳීම නවතා දමන්නට ඇත. අනෙක් සතකුන් තිදෙනා තනි පේළියක නොව පේළි තුනක යොදා ඇත.
සිංහ රූපයද සමහර සඳකඩ පහණ වලින් ඉවත් කොට ඇත. පොළොන්නරුවේ උසස්ම සඳකඩ පහණ ඇත්තේ වටදාගෙහි උතුරු දොරටුවේය.
පොළොන්නරු සඳකඩ පහණ අධ්‍යාත්මික හැඟීම් පිළිබිඹු කරන්නක් නොව හුදෙක් සැරසිලි මෝස්තරයක් පමණි.