පොළොන්නරු යුගයේ කැටයම් කලාව අනුරපුර යුගයේ කැටයම් කලාව මෙන්ම තත්ත්වයෙන් උසස්ය.
පළමුවන විජයබා රජු කරවූ දළදා මාළිගයේ ද්වාර මණ්ඩපයේ ඇති කැටයම් ඉතා කලාත්මකය. මේවා ගැඹුරට කපා ඇති අතර පුන්කළසකින් මතකුවන කොළ මල් සහිත දඟර ගැසුණු අලංකාර ලියවැලක් මෙම කැටයමට අයත් වේ.
මහා පරාක්‍රමබාහු මාලිගයේ රාජ වේශ්‍යා භකුජංග මණ්ඩපයේ සහ ලංකාතිලක විහාරයේ ඉදිරිපස කකුළුණුවලත් දක්නට ලැබෙන නෙළුම් මල් මෝස්තරද ඉතා උසස් නිර්මාණයන්ය. හැටදාගෙයි බිත්තිවල ඇති මල්කම්, ලියකම් සහ හංස පේළි ඉතා සංයමයෙන් යුක්තව කරන ලද කලාත්මක නිර්මාණයන් ය.