පොළොන්නරුවේ ඇති විශාලතම ස්‌තූපයයි. මෙය හුදකලාව පිහිටි කුඩා කඳු ගැටයක් චෛත්‍යයක් බවට පත් කිරමට ගත් උත්සාහයක් බවට මතයක් ද ඇත. මෙම විශාල චෛත්‍යයේ මුදුන සමතලා කොට ඒ මතකු කකුඩා ස්‌තූපයක් ඉදිකොට තිබේ. මෙයද පොළොන්නරු යුගයේ වාස්‌තුක විද්‍යාත්මක නව නිර්මාණයකි.
මෙය දෙමහල් මහා සෑය යනුවෙන් මුලඳී හඳුන්වා ඇති බවත් පසුව උච්චාරණය පහසුව සඳහා දෙමළ මහා සෑය ලෙස ප්‍රසිද්ධ ව ඇති බවත් විශ්වාස කළ හැකිය. දකකුණු ඉන්දියාවෙන් ගෙන්වන ලද දමිළ සිරකරුවන් ලබා මෙය සෑදවූ බවට ජනප්‍රවාදයක් පොළොන්නරුවේ ජනතාව අතර ඇත.