උත්තරාරාමය ලෙස පැරණි සාහිත්‍ය මූලාශ්‍රවල සඳහන් වන්නේ මහා පැරකකුම්බා රජුගේ සුවිශේෂ නිර්මාණයක් වූ ගල් විහාරයයි. අදද පොළොන්නරුව හැඳන්වීම සඳහා සංකේතයක් ලෙස යොදාගන්නේ ගල්විහාර ප්‍රතිමාවන්ය.
එකල සිටි ගල් වඩුවන්ගේ ඉතා සියුම් කැටයම් හා මූර්තිවලින් ගැවසී ගත් ගල් විහාරය ප්‍රධාන බුද්ධ ප්‍රතිමා තුනකින් යුක්‌ත වේ. හිඳි පිළිමය, හිටි පිළිමය හා සැතපෙන පිළිමය යනු එම පිළිම තකුනයි. හිඳි පිළිමය නෙළා ඇති ගල් කුටිය පර්වතය ඇතුළට හාරා කළ විස්‌කම් වැඩකි. බුද්ධ ප්‍රතිමා හැරුණු විට දේව රූප, මිනිස් රූප හා සත්ව රූප රැසක් කැටයම් ද මෙහි ඇත.