සොබා සෞන්දර්ය - වාස්‌තු විද්‍යා ශිල්පීන්ගේ සම්මත සැලැස්‌මකට අනුගත කොට ඉදිකරන ලද කලාත්මක බවින් අනූන ගොඩනැගිල්ලකි.
තුන් තැනකින් වක්‌ව නෙළුම් පෙති රටාවෙන් නිමවා ඇති මෙම මණ්‌ඩපයේ ගල් කණුවල මුදුන විකසිත වන නෙළුම් පොහොට්‌ටුවක් ආකාරය ගනී. එකල ශිල්පීන්ගේ නිර්මාණශිලී බව හා ශිල්පීය නිපුණතාව මින් හෙළි වේ. මෙය නිශ්ශංක මල්ල රජු විසින් කරවන ලද්දකි.