අටදාගෙය
 

මහා විජයබාහු රජු විසින් ඉදිකරන ලද දළදා මන්දිරය මේ නමින් හැඳින්වේ. මෙහි උඩුමහලේ ශ්‍රී ධන්ත ධාතුන් වහන්සේ තැන්පත් කොට තිබුණි. පහත මාලය ප්‍රතිමා ගෘහයක්‌ විය. මෙම ගොඩනැගිල්ල අසල දෙමළ බසින් ලද සෙල් ලිපියක්‌ ඇත. දළදා වහන්සේ ආරක්ෂා කරගත යුතකු ආකාරය පිළිබඳ විස්‌තරයක්‌ එහි ලියවා ඇත. ඒ අනුව මෙහි ආරක්ෂාව සඳහා වේලයික්‌කාර භටයන් යොදා තිබුණ බව නිගමනය කළ හැකි වේ.





 

(c) Shilpa Sayura Foundation 2006-2017