සින්තසයිසරය - electronic key board
 


සාමාන්ය ව්යවහාරයේඳී - ඕගන් (organ) නමින් හැඳින්වෙන ලොව ව්යාප්ත ව ඇති සංගීත භාණ්ඩයේ නිවැරදි නාමය වන්නේ-සින්තසයිසරයම යි. විවිධ වූ නාද කෘති්රම වශයෙන් නිපදවා ගත හැකි මෙම විද්යත් සංගීත භාණ්ඩය, ඇතැම් සංගීත භාණ්ඩ වල ස්වාභාවික හඩ ඉතා ආසන්න වශයෙන් නිපදවා ගත හැකි තාක්ෂණය ඇති ඉතා ඉහළ මට්ටමේ සංගීත භාණ්ඩයකි. විවිධ සංගීත නාදවලට අමතරව ලොව භාවිතා වන අවනද්ධ භාණ්ඩවල හඬ පවා මෙහි ගැබ්ව ඇත.

අපට අවශ්ය අවනද්ධ භාණ්ඩ වල හඩක් අපට අවශ්‍ය පරිදි නිර්මාණය කර ගැනීමේ හැකියාව ද අප කැමති නාද රටා මවන්නා වූ වයලීනයක, සැක්සර්ෆෝනයක, ට්රම්පටයක හඬ පටිගත කර, සින්තසයිසරයෙන් එම හඩම ධ්වනිත කර ගැනීමේ හැකියා ආදි සංකීර්ණ මෘදුකාංග රාශියකින් වර්තමාන සින්තසයිසරය තාක්ෂණය අතින් ඉදිරියෙන් සිටියි.

ලොව ජනප්‍රිය සින්තසයිසර් නිෂ්පාදකයින් අතර රෝලන්ඩ් (roland), යමහා (yamaha),කැසියෝ (casio),කෝර්ග් (korg) ආදි සමාගම් ඉතා ජනපි්රය සිනතසයිසරයන් ඒ නමින්ම නිෂ්පානය කර වෙළෙඳ පොළට එළි දක්වා ඇත. විවිධ මිල ගණන් යටතේ එම භාණ්ඩ අලෙවි කරනු ලැබේ.
(c) Shilpa Sayura Foundation 2006-2017