සමමිතික හා අසමමිතික හැඩ
 

 රටා හැඩතල හා මෝස්‌තර ක්‍රමානුකූල ලෙස අවකාශයේ හැසිරීමෙන් කරනු ලබන්නේ රංගරටා නිර්මාණයයි. රංග රටා නිර්මාණයේදී සමමිතික මෙන්ම අසමමිතික හැඩද යොදාගත හැකිය. නිර්මාණ ශිල්පියාගේ අභිමතයට අනුව සිදුවන කාර්යයකි. අසමමිතික හැඩතල යොදා ගැනීමේදී බොහෝ සෙයින් ප්‍රවේසම් විය යුතුය. මන්දයත් ඇතැම් විට නිර්මාණයේ විචිත්‍රවයට බාධාවක්‌ ද විය හැකි බැවිනි.
 
 අපේ ඇස වඩාත් සංවේදී වන්නේ සමමිතික රටාවන් කෙරෙහිය. පරිසරයේ අපට පෙනෙන බොහෝ දේ සමමිතික ලක්‍ෂණයෙන් යුතුය. අපේ ශරීරය සමමිතිකය. අවට ඇති ගස්‌වල පත්‍ර සමමිතිකය, සතුන් සමමිතිකය. එබැවින් අපට නිතරම පෙනෙන්නේ සමමිතික රූපයන් වේ. එබැවින් චලනයේදී උවද සමමිතික බව දකින්නට අපේ ඇස කැමැත්තක්‌ දක්‌වයි. රංග රටා සැලසුම් කිරීමේදී සමමිතික බව ආරක්‍ෂා කිරීම රංගනයේ ගුණාත්මක වර්ධනයට හේතුවක්‌ වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017