පෘතුවියේ භූ ගර්භය හැඳින්වීම
 

වසර බිලියන 4.5 කට පෙර හේඩ්න් කාලයේ පෘතුවිය බිහිවූ බවට අදහස් කෙරේ.
හරියටම කිව නොහැකි වුවත් පෘතුවිය ගෝලාභයකි.

 


 

 






1755 ඉම්මානුවෙල් කාන්ට් (Immanuel Kant)ප්‍රකාශ කළ පරිදි සූර්ය නෙබුලාව කැරකීම හා ගුරුත්වාකර්ශණය නිසා එම වායු ක්‍රමයෙන් උකු එනම් ඝණ බවට පත්වේ. එසේ ඝණ වන වායු කැටි තරු හා ග්‍රහ ලෝක බවට පත්වේ. 1796 දී ලැපලාස්ද (Pierre-Simon Laplace) මෙම මතයම ප්‍රකාශ කළේය.

සූර්ය ග්‍රහ මණ්ඩලයක් බිහිවීමේදී විශාල දූවිලි හා වායු වලාකුළු ගුරුත්වාකර්ශණ සුසංහිතිය (එකට කැටිවීම -compaction) සිදුවී අවසානයේ න්‍යෂ්ඨික විලයනයකට බඳන් වී (nuclear fusion) ආලෝකය හා තාපය ලබාදේ.

ඒ අවට සරන අංශු ගුරුත්වාකර්ශණ නිසා විශාල ඒකාබද්ධව විශාල කැදලි (lumps) නැතහොත් ආරම්භක ග්‍රහ වලාකුළු බවට පත්වී ක්‍රමයෙන් සමූහනය වී ග්‍රහ වස්තු බවට පත්වේ.

එම ග්‍රහ වලාකුළු කැදලි අතර ගට්ටනය ඉතා විශාල තාපයක් උපදවන බැවින ආරමභයේ සිටම පෘතුවිය හා අනිකුත් ග්‍රහයෝ උකප ද්‍රවමය ස්වභායක තිබිණි. පෘතුවිය ක්‍රමයෙන් සිසිල් වද්දී ඝණ විය. මෙම සිසිලනය සඳහා ඉතා විශාල කාලයක් ගත වන්නට ඇත. පෘතුවිය ඝණ වස්තුවක් බවට පත්වීමත් සමගම එහි භූ ගර්බ ඉතිහාසය ඇරඹිණි.

පෘතුවිය ආරමභයේදී එහි ජලය නොවීය. එය උදුණක් මෙන් ගිනිගෙන දැවෙන මතුපිටකින්ද ඝණ මධ්‍යකිනද යුක්ත විය. එහි නියම වායුගෝලයක්ද නොවූ අතර ලොහමය හා සල්ෆර් වායු වලින් වෙලී තිබිණි.

අති විශාල කාලයක් යනවිට මෙම තාප දීප්ත ලක්‍ෂණ වෙනුවට වායු වලාකුල පහතට විත් උණු මුහුදක් වන් මතුපිට සමහ මිශ්‍ර වීම හා පාවෙන කැදලි බවට පත්විණි.

හඳ කුඩා බැවින් මේ වන විටත් සිසිල් වී තිබිණි.






The Late Heavy Bombardment
වසර මිලියන 4000-3800 කාලය තුල පෘතුවිය ඇතුලු ග්‍රහ මණ්ඩලයට අභ්‍යවකාශයේ සිට සිට වැටුනු උලකාපාත ආදියෙන් සෑහෙන බලපෑමක් සිදුවිය. ඉන් මීතේන්, ඇමෝනියා ආදී විශ වායු අඩු වන්නට වූ අතර වායු ගෝලයක් සැකසීමට උපකාරී වී යයි සැලකේ.



 මේ අතර එම වායු කැටි වලින් වලාකුලු නිර්මාණය වීම හා වැසි වැටීම සිදුවන්නට ඇත. ඉතාම රළු පරිසරයක් නිර්මාණය වුවද ක්‍රමයෙන් ජීවය බිහිවීමට අවශ්‍ය සාධක එහි ඇතිවිය. ජලය ගලා යාම නිසා දිය පාරවල්ද, ඒවා එකතුවීමෙන් ජීවයක් නොමැති මුහුදවල්ද නිර්මාණය විණි.

 

(c) Shilpa Sayura Foundation 2006-2017