විස්‌මයාදි ලකුණ !
 

විස්‌මයාදි ලකුණ (!) විස්‌මයක්‌, ආශිර්වාදයක්‌, ප්‍රාර්ථනයක්‌, හඬ නඟා කරන ආමන්ත්‍රණයක්‌, නොහොත් නියෝගයක්‌, හර්ෂයක්‌, ශෝකයක්‌, ආදිය හඟවන ප්‍රකාශනයක කෙළවර යෙදේ.
මොනවා, කතරගම දෙවියන් හැබැහින් දැකලා!
ඔබ හැමට නිදුක්‌ නිරෝගි සුවය ලැබේ වා!
මම බුදු වෙම් වා!
නො නවතිවු, ඉදිරියට ම යවු!
ඒ ගැන අපට හතර හිනා!
අනේ ඔහුට වුණු දේ!

(c) Shilpa Sayura Foundation 2006-2017