19 වන සියවස අගභාගය වන විට දේශීය නර්තන කලාවේ ඇතිවූ ප්‍රධාන වෙනස්‌කම වූයේ, අතීතයේ සිටම නර්තන කලාවේ විශේෂ ස්‌ථානයක් අත්පත් කරගෙන සිටි කාන්තා පක්‍ෂය වෙනුවට පුරුෂ පක්‍ෂය එම ස්‌ථානය හිමිකර ගැනීමයි.මෙයට හේතුව වූයේ නර්තන රංගන කලා වල නිරත් වීමෙන් ස්‌ත්‍රීන් ගේ ගරුත්වයට හානියක් වේයැයි සමාජය තුල මුල්බැස ගත් මතය නිසාය.
මේ යුගයේ නර්තන කලාවේ වූ විශේෂ සිදුවීම් පහත දැක්‌වේ.
* 1934 දී රවින්ද්‍රනාත් තාගෝර් තුමා ලංකාවට පැමිණීම සය එතුමාගේ නිර්මාණ ලංකාවේ ප්‍රදර්ශනය වීම. මේ හේතුවෙන් උගතුන් ගේ අවදානය නර්තන කලාව කෙරෙහි යොමුවීම තුලින් නව පුනර්ජීවයක් ඇතිවිය.
* ශ්‍රී ලාංකිකයන් ඉන්දියාවට ගොස් කලා ශිල්ප ඉගෙන ගැනීම හා ඒ තුලින් ලාංකිය කලාවන් පෝශණය වීම.
* චන්ද්‍රලේඛා , මේරියන් පීරිස් වැනි ප්‍රභූ කාන්තාවන් නර්තන ඉගෙන ගැනීමට පෙළබීම
* උගතුන් විසින් නර්තන විශය පිලිබඳ පොත් පත් ලියා ඒවා පලවීම
* පාරම්පරික ශිල්පීන්ට පමණක් සීමා වූ නර්තනය සාමාන්‍ය පොදු ජනතාව අතර කලා මාධ්‍යක් බවට පත්වීම.
* නර්තන කලාව ඉගැනුමට විධිමත් ආයතන ඇතිවීම. ( හොරණ ශ්‍රීපලී ආයතනය 1934 )
* ලංකා ගාන්ධර්ව සභාව ඇතිවීම ( එස් බී කපුකොටුව මහතා පුරෝගාමි විය. )
* 1943 වසරේදී ප්‍රථම වරට රජයේ පාසල්වලට නැටුම් ගුරුවරුන් පත් කිරීම
* 1951 රජයේ කලායතනය වන " හේවුඩ් ආයතනය " ඇරඹීම
* 1956 දී සංස්‌කෘතික දෙපාර්තමේන්තුව බිහිවීම
* 1968 මකුලොලුව මහතාගේ ප්‍රමුඛත්වයෙන් පළමු රාජ්‍ය නැටුම් කණ්‌ඩායම බිහිවීම
* 1972 රජයේ පාසල්වල 6 - 11 ශ්‍රේණි වල සෞන්ධර්ය විශය ඉගැන් වීම
* 1972 ගිරාගම සෞන්දර්ය ගුරු විදුහල ආරම්භ වීම
* 1974 සෞන්දර්ය විශ්ව විද්‍යාලය ආරම්භ කිරීම
* 1975 අපොස සාමාන්‍ය පෙල විභාගයට විශයක් ලෙස සෞන්දර්ය ඇතුලත් කිරීම
* 1978 අපොස උසස් පෙල විභාගයට විශයක් ලෙස සෞන්දර්ය ඇතුලත් කිරීම.