කෝට්‌ටේ රාජධානියේ අවසාන සමයේ යුධමය තත්වයන් උඩ සෞන්දර්ය කලාවන් පිහිරීමට පටන් ගත්තද, ඊට සම කාලීනව රට මැද වැඩෙමින් පැවති මහනුවර රාජධානිය එකී කලාවන්ට සරු කෙතක් බඳු විය. මහනුවර යුගයේ දක්‌නට ලැබෙන විශේෂ ලක්‍ෂණය වන්නේ නර්තන කලාවට රාජ්‍ය අනුග්‍රහය ලැබීමයි. දේවාල වල පැවති දේවදාසී නැටුම් ක්‍රමය හා සමාන නර්තන ක්‍රමය වෙනුවට රාජ සභාව ආශ්‍රිතව රාජසභා නැටුම් ක්‍රමයක් බිහි විය.
අනෙකුත් කවර රාජ්‍ය යුගයකටත් වඩා හින්දු ආගමික් වත් පිළිවෙත් වලට විශේෂ ස්‌ථානයක් හිමිවිය. මහනුවර රජකල රජවරුන් දකුණු ඉන්දීය බිසෝවරුන් පාවා ගැනීම හේතුවෙන් එහි වූ සංස්‌කෘතික ලක්‍ෂණයන් මෙහිද ලියලා වැඩෙන්නට විය. බිසෝ වරුන් පිරිවරා මෙහි පැමිණි පරිවාර පිරිස් අතර නර්තන ශිල්පීන් ද, ගායකයන්, වාදකයන් විය. රාජසභා නර්තන ක්‍රම සංවිධානය වීමේදී ඔවුන් ගේ ආභාෂයන්ද ඒ සඳහා ලැබෙන්නට ඇත.
නර්තන කලාවේ ස්‌වර්ණමය යුගයක් වූයේ මහනුවර රජකල ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු පාලන සමයයි. මේ වකවානුවේදී කොහොඹා කංකාරි යාගයක් පැවැත්වූ බවට " සිහබා අස්‌නේ " සඳහන් තොරතුරුවලට අනුව පෙනේ.
ශ්‍රී වීරපරාක්‍රමභාහු රජුගේ කාලයේදී පැවති " කවිකාර මඩුව " නර්තන කලාවේ ඉතිහාසය සෙවීමේදී වැදගත් ස්‌ථානයක් හිමි කර ගනී. මේ කවිකාර මඩුවේ ගායන මෙන්ම සම්ප්‍රදයික නර්තනයන්ද රඟ දක්‌වා ඇත. රබන්, පන්තේරු,උඩැක්‌කි නැටුම් වැනි සබ නැටුම් ද ඒ අතර විය. කවිකාර මඩුවේ සේවය කළ රම්මොලක අදිකාරම විසින් රචිත " ශෘංගාලංකාරය " නැමති පොතේ එන ගායනා නර්තනය සඳහා යොදාගන්නා ලදි. මේ කවිකාර මඩුව ආයතන කිහිපයකින් සමංවිත විය.
* රජවාසල නැටුම් කණ්‌ඩායම භාරව නැටුම් "ඉලංගමේ මුහන්දිරම් " නිලමේද,
* මහවාසල බෙර කණ්‌ඩායම භාරව " තඹරු පුරම් පෙට්‌ටුකාර " මුහන්දිරම් නිලමේද,
* මාලිගයේ තවත් බෙර කණ්‌ඩායමක් භාරව " සිංගක්‌කාර " මුහන්දිරම් නිළමේද,
* ගායක කණ්‌ඩායම භාරව " කවිකාර මඩුවේ " මුහන්දිරම් නිළමේදි,
* රජුගේ ආරක්‍ෂාව සඳහා යන්ත්‍ර මන්ත්‍ර කරණ කණ්‌ඩායම භාරව " වාහල ඉලංගමේ " මුහන්දිරම් නිළමේද
යනාදී වශයෙන් කවිකාර මඩුවේ සංවිධානාත්මක ආයතනයක් වශයෙන් පවත්වාගෙන යන ලදි. මෙම ආයතන වලට අමතරව ද්‍රවිඩ නාට්‍යාංගනාවන් සඳහා " දෙමළ ඉලංගම් මඩුව " නමින් තවත් ආයතනයක් විය.
රජතුමාගේ සහ රාජකීය පවුල්වල සාමාජිකයන් ගේ විනෝදාස්‌වාදය සඳහා මෙකී කවිකාර මඩුවේදී විවිධ කලා ප්‍රසංගයන් පවත්වනු ලැබීය.
මේ සමයේදී, රාජකාරී ක්‍රමයට අනුව නර්තනය පවත්වාගෙන යෑමේ කාර්ය ඒ සඳහා විශේෂයෙන් තෝරාගන්නා ලද කුල පරම්පරා වෙත පැවරිණි. ඒ සඳහා වැටුප් වශයෙන් ඔවුනට වතුපිටි හා ගම්වර පවරා දෙන ලදි.
රජතුමාට අමතරව නිලමේ වරුන් හා ප්‍රභූන් සතුවද තමන් ගේම නර්තන කණ්‌ඩායම් වූහ. විවිධ උත්සව අවස්‌තාවන් හීදී රඟ දක්‌වන ලද මෙම කණ්‌ඩායම් තරග කාරීව පැවතීම විශේෂ ලක්‍ෂණයක් විය. මෙය විවිධ නර්තනයන් නිර්මාණය වීමට හේතුවක් විය.
මහනුවර යුගයේදී නැටුම් ගැයුම් සහ වැයුම් ඇතුළත් විශේෂ උත්සව හතරක් විය.
* ඇසළ උත්සවය
* අළුත් සහල් මංගල්‍යය
* අවුරුදු මංගල්‍යය
* කාර්තික උත්සවය
වාර්ශික පවත්වන ලද " දළදා පෙරහැර " මහනුවර යුගයේදී මෙරට පැවති නැටුම් ගැයුම් අන්තර්ගත විශේෂ උත්සවයකි. මෙහී කාන්තාවන් ගේ නැටුම් පැවති බව දේශ සංචාරකයින් ගේ වාර්තා අනුව සනාථවේ.
කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේ දළදා පෙරහැර ට සතර දේවාල පෙරහැයන්ද එකතු කිරීම මගින් දේවාල ආශ්‍රිත සේවය කල නැටුම් පරම්පරා වල අය එකී පෙරහැරේ නර්තන ඉදිරිපත් කලහ.
උඩරට නැටුම් හා බැදි වන්නම් 18 රචනා කරන ලද්දේ මහනුවර යුගයේදීය. රජුගේ කවිකාර මඩුවේ සේවය කළ " ගණිතාලංකාර " නැමති උගත පඞිවරයෙකු විසින් මේවා රචනා කරන ලදැයි කියැවේ. උඩැක්‌කි, පන්තේරූ මෙන්ම අත් රබාන ද වැඩි වශයෙන් භාවිතා වූයේ මහනුවර යුගයේදීය.
ප්‍රශස්‌ති ගීත සාහිත්‍යද මහනුවර යුගයේ ජනප්‍රිය අංගයක් විය. "රාජධි රාජසිංහ " රජු කල හඟුරංකෙත දී කර්නාටක සංගීතවේදියකුගෙ මෙහෙයවීමෙන් " හරිශ්චන්ද්‍ර නාඩගම " නැමති තෙලිගු නාඩගමක් රඟ දැක්‌වූ බව කියැවේ.