සිංහබාහු නාට්‍යයෙන් ගීතයක්
 සිංහබාහු නාට්‍යයෙන් ගීතයක්
ගල්ලෙන බිඳලා - ලෙන් දොර හැරලා..
සිංහබා සිංහබා සිංහබා

මා සොඳුර මා සොඳුර මා සොඳුර
සිංහ සීවලි මා පි්රය දියණිය

ගල්ලෙන බිඳලා ලෙන් දොර හැරලා
ගොසින් සැම දෙන නැතේ කිසිවෙක්
මම දුන ගතිමී - මම සැක කළෙමි
සිංහබා සිංහබා සිංහබා

ලෙන තකුළ නොවෙති පෙරළා නොඑති...
මම දුන ගතිමි මම සැක කළෙමි..

සුරතල් දියණිය මොළ කැටි වදනින්..
මා සනසන්නිය අහර පිසන්නිය
කවන්නිය, පොවන්නිය මා ගැන බියවන්නිය
වනයේ දුකක් විද අසන්නිය සොයන්නිය

ඈත් ගොසින්ය - ඈත් ගොසින්ය
ඇයි සුදු දුවණියෙ නුඹවත් නොසිටියෙ..
සොහොයුරා නම් ඔලමොල ගති ඇත..
නුඹ මෙන් මුදු නැත

ඔහුගේ අණට ද කීකරු වුයේ
පෙරළා එන්නද ඔහුගෙන් ගැලව..

මහාචාර්ය එදිරිවර සරච්චන්ද්‍ර